/
/
title icon පිටි මිල ඉහළ යා හැකියි – පාලන මිලක් පනවන්න්නැයි ආපනශාලා හිමියන් ඉල්ලයි.
පිටි මිල ඉහළ යා හැකියි – පාලන මිලක් පනවන්න්නැයි ආපනශාලා හිමියන් ඉල්ලයි.
Editor
1 year ago
Share:
පිටි මිල ඉහළ යා හැකියි – පාලන මිලක් පනවන්න්නැයි ආපනශාලා හිමියන් ඉල්ලයි.

ඉදිරියේදී තිරිඟු පිටි මිල තවදුරටත් ඉහළ යා හැකි බව ආපනශාලා හිමියන් පවසනවා. මේ වනවිට වෙළඳපොලේ පිටි හිඟයක් පවතින බවත්, ඒ හේතුවෙන් තවදුරටත් පිටි මිල ඉහළ යා හැකි බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.

දැනට වෙළඳපොලේ පිටි කිලෝවක් රුපියල් 410 ත්, 420 ත් අතර මිලකට අලෙවි වනවා.

පිටි මිල ඉහළ යෑමත් සමඟ ඇතැම් ආපනශාලා වසා දමා ඇති බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම, බේකරි නිෂ්පාදන ආයතනද දෙදහසකට වැඩි ප‍්‍රමාණයක් පිටි හිඟය සහ පිටි මිල ඉහළ යෑම හේතුවෙන් වසා දමා තිබෙනවා.

මේ අතර, අනුරාධපුර ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ඉන්දික අරුණ කුමාර අනුරාධපුරයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ පිටි සඳහා පාලන මිලක් පැනවීමක් සිදුනොකළහොත් ජනතාව මෙන්ම තමන්ද දැඩි අපහසුතාවයට පත්වන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required