English English සිංහල සිංහල தமிழ் தமிழ்

ජාතික සභාව අද මුල්වරට රැස්වෙයි.

Facebook
Twitter
LinkedIn

රටේ පවතින ගැටළු විසඳීම සඳහා පිහිටුවනු ලැබූ ජාතික සභාව අද ප‍්‍රථම වරට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතයි.

ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප‍්‍රධානත්වයෙන්.

පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුවේ කාරක සභා අංක දෙකෙහි එය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ජාතික සභාවේ සභාපති ධුරය කථානායකවරයා විසින් දරණු ලබන අතර, එහි සාමාජිකයින් අතරට අග‍්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා ද ඇතුළත්.

එමෙන්ම, ජාතික සභාව සඳහා දේශපාලන පක්ෂ විසින් නම් කරන ලද සාමාජිකයින් කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පසුගියදා ප‍්‍රකාශයට පත් කළා.

ඒ අනුව එහි සාමාජිකයින් සංඛ්‍යාව තිස් දෙකක් වන අතර, ඊට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ඩලස් පාර්ශවය සහ ජාතික ජනබලවේගය නියෝජනය කරන කිසිදු මන්ත‍්‍රීවරයෙකු නම් කර නොතිබීම විශේෂත්වයක්.

එසේම, ජාතික සභාවට නම් කෙරුණු උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ ඊයේ ප‍්‍රකාශ කළේ ඊට තමන්ද සහභාගී නොවන බවයි.

ජාතික සභාවක් පිහිටුවීම සඳහා වන අදහස මුල්වරට ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් ඉදිරිපත් කරනු ලැබුවේ 9 වන පාර්ලිමේන්තුවේ 3 වන සැසිවාරය ආරම්භ කරමින්.

ඒ අනුව 35 දෙනෙකුගෙත් යුත් ජාතික සභාව පිහිටුවීම සඳහා වන යෝජනාව පසුගිය 20 වනදා අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, අදාළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව එදින සම්මත වුණා.

මේ අතර, ජාතික සභාව රැස්වීමට පෙර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක්ද කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි.

එහිදී එළැඹෙන සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව තීන්දු තීරණ ගැනීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000