English English සිංහල සිංහල தமிழ் தமிழ்

කජීමාවත්තේ ගින්නෙන් අවතැන්වූවන්ට ජනපති උපදෙසින් සහන.

Facebook
Twitter
LinkedIn

තොටලඟ – කජීමාවත්තේ ගින්නෙන් අවතැන්වූවන්ට සහන සැලසීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙසින් විශේෂ වැඩපිලිවෙලක් සකස් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් විශේෂ දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක්ද ඊයේ පැවැත්වූ බවයි.

ඒ අනුව ගින්නෙන් නිවාස 71 ක පුද්ගලයින් 306 දෙනෙකු අවතැන් වී ඇති බව එහිදී අනාවරණ වුණා. නිවාස 60 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, අවතැන් වූ සංඛ්‍යාවෙන් 106 දෙනෙකු ළමයින් බවට හඳුනාගෙන තිබෙනවා.

එම පිරිස මේ වනවිට මෝදර උයන ප‍්‍රජා ශාලාවේ රඳවා සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කොළඹ මහ නගර සභාව, මාදම්පිටිය ග‍්‍රාම නිලධාරී බල ප‍්‍රදේශය භාර පොලීසිය, ති‍්‍රවිධ හමුදාව සහ අනෙකුත් පිරිස්වල සහය ඇතිව අවතැන් ජනතාවට අඛණ්ඩව ආහාරපාන සහ මූලික පහසුකම් ලබාදෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එමෙන්ම, අවතැන් වූ පාසල් සිසුන් ලබන මස 03 වන සඳුඳා සිට පාසල් යැවීම සඳහා අවශ්‍ය පෙළපොත්, අභ්‍යාස පොත්, නිල ඇඳුම් සහ පාවහන් ලබාදීමටත් තීරණය කර තිබෙනවා.

මීට අමතරව ගැබිණි මව්වරුන්ට මෙන්ම කාන්තාවන්ට සියලූ සෞඛ්‍ය පහසුකම් සැලසීමටද නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000