/
/
title icon ප‍්‍රමිතිය ගැන සොයන්න රට පුරා පිරවුම්හල්වලින් සාම්පල් ගැනේ.
ප‍්‍රමිතිය ගැන සොයන්න රට පුරා පිරවුම්හල්වලින් සාම්පල් ගැනේ.
Editor
1 year ago
Share:
ප‍්‍රමිතිය ගැන සොයන්න රට පුරා පිරවුම්හල්වලින් සාම්පල් ගැනේ.

දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වලින් අලෙවි කරන ඉන්ධනවල ප‍්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා සාම්පල ලබා ගැනීම ආරම්භ කර තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසමේ සහ කාර්මික තාක්ෂණ ආයතනයේ උපදේශක සිරිල් සුදුවැල්ල කියා සිටියේ අහඹු ලෙස තෝරාගත් දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වලින් මෙලෙස සාම්පල ලබාගෙන පරීක්ෂාවන් සිදුකරන බවයි.

මේ අතර, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් කොළඹ 07 ප‍්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක ඔක්ටේන් 92 පෙට‍්‍රල් නිකුත් කරන පොම්ප තුනෙන් දෙකකට මුද්‍රා තබා තිබෙනවා. ඒ නියමිත ප‍්‍රමාණයට වඩා අඩුවෙන් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගැනීම හේතුවෙන්.

එහිදී ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයකින් සියයට 1.2 ක ප‍්‍රමාණයක් අඩුවෙන් නිකුත් කර ඇති බවටයි සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. එය රුපියල් 5 යි සත 40 ක පෙට‍්‍රල් අඩුවීමක් වන අතර ඒ අනුවයි අදාළ ඉන්ධන පොම්ප දෙකකට මුද්‍රා තබා ඇත්තේ.

මේ අතර, මෙරටට පැමිණි ඞීසල් නෞකාව සඳහා ලබන සතිය තුළ ගෙවිම් සිදු කරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප‍්‍රකාශ කළා. මෙම ඞීසල් නෞකාව මෙරටට පැමිණ ඇත්තේ මීට දින 10 කට පෙරයි.

එමෙන්ම පෙරේදා මෙරටට ළගාවු පෙට්රල් නෞකාවක් සඳහා ඊයේ ඛනිජ තෙල් සංස්ථාව මුදල් ගෙවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, පසුගිය 20 වෙනිදා මෙරටට පැමිණි බොරතෙල් නෞකාවට නව ක‍්‍රමවේදයක් ඔස්සේ මුදල් ගෙවිමට කටයුතු සම්පාදනය කරමින් පවතින බව සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required