/
/
title icon රුපියල් 300 නොදුන්නැයි කියා විදුහල්පතිවරයෙකු සිසුවියකට කොසුමිටෙන් පහරදෙයි.
රුපියල් 300 නොදුන්නැයි කියා විදුහල්පතිවරයෙකු සිසුවියකට කොසුමිටෙන් පහරදෙයි.
Editor
1 year ago
Share:
රුපියල් 300 නොදුන්නැයි කියා විදුහල්පතිවරයෙකු සිසුවියකට කොසුමිටෙන් පහරදෙයි.

විදුහල්පතිවරයෙකු කොසු මිටකින් සිදුකරන ලද පහරදීමකින් තුවාල ලැබූ පාසල් සිසුවියක් රෝහල් ගත කිරීමේ පුවතක් හැටන් – බෝගහවත්ත ප‍්‍රදේශයෙන් වාර්තා වුණා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ බෝගහවත්ත ප‍්‍රදේශයේම පාසලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක්.

ඇය කොටගල ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප‍්‍රතිකාර ස`දහා දික්ඔය මූලික රෝහලට මාරු කර යවා තිබෙනවා.

ගුරු උපහාර උළෙල සඳහා රුපියල් 300 ක මුදලක් එම පාසලේම ඉගෙනුම ලබන ඇයගේ බාල සොහොයුරා ගෙවා නොමැති අතර විදුහල්පතිවරයා ඒ සම්බන්ධයෙන් එම සිසුවාගෙන් ප‍්‍රශ්න කර තිබුණා.

එය දැක මෙම සිසුවිය එම ස්ථානයට පැමිණ ඇති අතර සිද්ධිය පිළිබඳ විමසීමේදී අදාළ විදුහල්පතිවරයා කොසුමිටකින් පහරදුන් බවයි ඇය ප‍්‍රකාශ කළේ.

අදාළ සිසුවාගේ සහ සිසුවියගේ පියා එම පාසල අවට ස්ථානයක රැකියාවේ නියුතු වන අයෙකු වන අතර ඔවුන්ගේ මව මේ වනවිට විදේශ ගතව සිටිනවා.

දැරියට පහරදීම සම්බන්ධයෙන් දැරියගේ පියා විසින් දිඹුලපතන පොලීසියේ පැමිණිල්ලක්ද සිදුකර තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required