English English සිංහල සිංහල தமிழ் தமிழ்

 කොසුමිටෙන් සිසුවියකට ගැසූ විදුහල්පති අත්අඩංගුවට – නුවරඑළියට ස්ථාන මාරුවකුත්.

Facebook
Twitter
LinkedIn

පාසල් සිසුවියකට කොසුමිටකින් පහරදුන් බවට චෝදනා එල්ල වූ කොටගල – පතන – බෝගහවත්ත ප‍්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයාට තාවකාලික ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.

ඒ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේගේ නියෝගයකට අනුවයි.

ඒ අනුව විදුහල්පතිවරයා නුවරඑළිය අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, සැකකාර විදුහල්පතිවරයා ද අද අත්අඩංගුවට ගැණුනු අතර, ඔහු හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙනවා.

අදාළ සිසුවිය කොටගල ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට මාරු කර යැවීමටයි පියවර ගෙන ඇත්තේ.

ගුරු උපහාර උළෙල සඳහා රුපියල් 300 ක මුදලක් එම පාසලේම ඉගෙනුම ලබන ඇයගේ බාල සොහොයුරා ගෙවා නොමැති අතර විදුහල්පතිවරයා ඒ සම්බන්ධයෙන් එම සිසුවාගෙන් ප‍්‍රශ්න කරන අවස්ථාවේ සිසුවිය එම ස්ථානයට පැමිණ ඒ පිළිබඳව විමසීමත් සමගයි විදුහල්පතිවරයා පහරදී තිබුණේ.

මේ අතර, බලංගොඩ – පින්නවල ප‍්‍රදේශයේ පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට එම පාසලේ විදුහල්පතිවරයා විසින් පහරදීම හේතුවෙන් ඇය ප‍්‍රතිකාර සඳහා බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000