/
/
title icon හෙට සිට සමාජ ආරක්ෂණ දායකත්ව බද්දත් – භාණ්ඩ හා සේවා රැසක මිල ඉහළ යන ලකුණු.
හෙට සිට සමාජ ආරක්ෂණ දායකත්ව බද්දත් – භාණ්ඩ හා සේවා රැසක මිල ඉහළ යන ලකුණු.
Editor
1 year ago
Share:
හෙට සිට සමාජ ආරක්ෂණ දායකත්ව බද්දත් – භාණ්ඩ හා සේවා රැසක මිල ඉහළ යන ලකුණු.

හෙට සිට ක‍්‍රියාත්මක සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් රුපියල් බිලියන 140 ක අමතර ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බව රජය පවසනවා.

කෙසේ වෙතත් ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙම නව බදු පැනවීමත් සමඟ භාණ්ඩ හා සේවා මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවයි. එමෙන්ම, රජයට ආදායම් ඉපැයීම සඳහා පනවන මෙවැනි බදු යොදා ගත යුත්තේ තාවකාලිකව බවද ඔවුන් පෙන්වා දෙනවා.

කොරෝනා වසංගතයෙන් කඩා වැටුණු ආර්ථිකය යථාවත් කිරීම සඳහා මෙම සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වා දෙනු ලැබුවේ 2022 අයවැය මගින්.

කෙසේ වෙතත් එය ක‍්‍රියාත්මක කිරීම හෙට සිට ආරම්භ කෙරෙන අතර ඒ යටතේ රුපියල් මිලියන 120 ට වැඩි වාර්ෂික පිරිවැටුම මත සියයට 2.5 ක බද්දක් අයකෙරෙනු ඇති.

මේ අතර සමස්ථ ලංකා සුලූ හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සහ මරඳගහමුල සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති රංජිත් කරුණාතිලක සඳහන් කළේ හෙට සිට ක‍්‍රියාත්මක කෙරෙන මෙම නව බද්ද තම ක්ෂේත‍්‍රයෙන් අයකර ගැනීම ඉවත් නොකළහොත් සහල් කිලෝවක මිල රුපියල් 06 කින් ඉහළ නැංවීමට සිදුවන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required