English English සිංහල සිංහල தமிழ் தமிழ்

ඉන්ධන මිල සූත‍්‍රයට බාලගිරි දෝෂය.

Facebook
Twitter
LinkedIn

ඉන්ධන මිල සූත‍්‍රය අනුව සෑම මසකම පළමු වැනිදා සහ 15 වැනිදා ඉන්ධන මිල සංශෝධනයට රජය ගෙන ඇති ප‍්‍රතිපත්තිමය තීරණය අනුව හෙට දිනයේ ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

එලෙස ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු කිරීමට රජය මීට මාස කිහිපයකට පෙර ප‍්‍රතිපත්තිමය තීරණයක්ගෙන තිබුණා. ඒ අනුව අවසන් වරට පෙට‍්‍රල් සහ ඞීසල් මිල සංශෝධනයක් සිදු කෙරුණේ පසුගිය ජූලි 17 වැනිදායි.

එදින සිට මේ දක්වා ඉන්ධන මිල සංශෝධනය කළ යුතුව තිබූ අවස්ථා හතරකදී ඉන්ධන මිලෙහි කිසිඳු වෙනසක් සිදු කෙරුණේ නැහැ.

මේ අතර, ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ගණන් පසුගිය සමයට සාපේක්ෂව මේ වනවිට සැලකිය යතු ලෙස පහළ මට්ටමක පවතිනවා.

ඒ අනුව මීට සති කිහිපයකට පෙර ඩොලර් 100 ඉක්මවා ගිය ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක් අලෙවි වන්නේ අමෙරිකානු ඩොලර් 82.39ක මුදලකට වන අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අලෙවි වන්නේ අමෙරිකානු ඩොලර් 89.52 මුදලකටයි.

මෙවන් පසුබිමක ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන අලෙවියෙන් ලබන ලාභ අලාභ පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා පසුගියදා ට්විටර් සටහනක් තබමින් තොරතුරු හෙළිකළා.

එහි දැක්වුණේ, ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් 77 ශත 35ක්, ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් 187 ශත 43ක් සහ ලංකා සුපර් ඞීසල් ලීටරයකින් රුපියල් 48 ශත 30ක ලාභයක් තෙල් සංස්ථාව ලබමින් සිටින බවයි.

ලංකා ඔටෝ ඞීසල් ලීටරයකින් පමණක් රුපියල් 31 ශත 88 ක පාඩුවක් ලබන බවද එහි දැක්වුණා.

එසේම, අමාත්‍යවරයා ඊයේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේද නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අතර, එහිදී එහි මෙහෙයුම් කටයුතු පිළිබඳව නිලධාරීන් සමඟ සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර, බලශක්ති අර්බුදය විසඳීම සඳහා යෝජනා වලියක් ඉදිරිපත් කිරීමට තුන් හෙළ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් ඇතුළු පිරිසක් අමාත්‍ය කංචන විජේසේකර හමුවුණා.

එහිදී වැඩි වූ විදුලි බිල්පත් ගාස්තුවෙන් ආගමික ස්ථානවලට සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබෙනවා.

මේ අතර, හෙට සහ අනිද්දා පැය දෙකයි විනාඩි විස්සක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා විදුලිබල මණ්ඩලයට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000