/
/
title icon කොළඹ උද්ධමනය පාලනය වෙයි.
කොළඹ උද්ධමනය පාලනය වෙයි.
Editor
1 year ago
Share:
කොළඹ උද්ධමනය පාලනය වෙයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය සැප්තැම්බර් මාසයේදී සියයට 69 යි දශම 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය අගෝස්තු මාසයේදී සියයට 64 යි දශම 3 ලෙස සටහන් වූ බවයි.

එහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 94 යි දශම 9 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අගෝස්තු මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය සටහන් වුණේ සියයට 64 යි දශම 3 ක් ලෙසයි.

එසේම, ජූලි මාසයේදී එය සියයට 60 යි දශම 8 ක් ලෙස සටහන් වුණා.

ජුනි මාසයේ එය සියයට 54 යි දශම 6 ක් ලෙස දැක්වුණු අතර එය මැයි මාසයේදී සියයට 39 යි දශම 1 ක අගයකින් සටහන් වී තිබුණා.

ඒ අනුව මේ වනවිට අඛන්ඩව වැඩි ප‍්‍රතිශතයකින් ඉහළ ගිය උද්ධමනයේ යම් ස්ථාවර වීමක් දැකිය හැකියි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required