English English සිංහල සිංහල தமிழ் தமிழ்

දෙවියන්ට මෙච්චර සතුටු නෑ බං.

Facebook
Twitter
LinkedIn

කපපු නැති පළතුරු වට්ටියක්, සුවද නැති ඒ පළතුරු , මොණර කොල වලට විතරක් පෝලිමේ තැන තියෙන, එහා දොරෙන් වට්ටිය ආපහු ඉදිරියෙ කඩ වලට එන අරුම ලෝකයක් තමයි තියෙන්නෙ ලංකාවෙ දෙවියන්ගෙ ගෙවල් වල. දෙවියන්ට මුවාවෙලා බෙන්ස්, BMW රජ වෙනකොට වට්ටිය උස්සන් පෝළිමේ එන අහින්සකයගෙ බඩ පිරෙයිද? එදා වේල නැති වුනත්, පේ වෙලා දෙවොයො ළගට එන්නෙ භාරෙට ඔප්පුවක් වෙන්න. විභාගෙ පාස් කරන්න, අරයට මෙයාට පොල් ගහන්න, හැබැයි ඒ දෙයියෝ, විභාග පාස් කරාද? අල්ලපු ගෙදර එකාට හෙන ගැස්සෙවුවද? සිතූ පැතූ සම්පත් එක රැයින් ගෙට ගෙනත් දුන්නද? පළතුරු වට්ටියකට පුළුවන්ද බං එච්චර හරියක්????  ඔව් පුළුවන්. හැබැයි ඒ දෙන දේ හරියට දුන්නොත්. හිටියොත් හොඳට හැදී, දෙවියොත් නමට වඳී. කියල කිව්වෙ කට කහනවට නෙවෙයි. ඒක තමා ඇත්ත. පළතුරු වට්ටියට කැප නොවී, දක්ෂතාවයට, උත්සහයට, කැපකිරීම් වලට තමන්ගෙ ඇතුලෙ තැන් හදාගන්න. කුහුකකම, ක්‍රෝධය නැතිකරන්න. පුළුවන් හැම කෙනාටම උදව් කරන්න පුරුදු වෙන්න. එහෙම මිනිස්සු ගාව දෙවියො හැමදාම වැඩඉන්නවා.

මිනිසා සතුට යැයි දකින දෙයට වඩා අහිංසක පොඩි ආසාවල තුල සැගවුනු කිසිවෙකුට නොපෙනෙන ආකාරයෙ සතුටට හේතු වන කාරනා මේ ලෝකය තුල තියෙනවා. නමුත් බොහෝ දෙනා එය නොදාකින්නේද, එය දැකීමට උත්සහ නොගන්නේද යන්න පශ්නාර්ථයකි.

සමාජයේ බොහෝ දෙනා පින යැයි සම්මත, උතුමන් පිදීමට පමනක්ම සීමාවී දුර්වලයාට සත්කාර කිරීමේ කර්මය  මගහැර ඇත. දෙවියන් සතුටු කිරීමට පුදන දානයක්, අප අතරම වෙසෙන, වේලක්වත් ආහාරයක් ගැනීමට හැකියාවක් නොමැති පුද්ගලයෙකුට ලැබුනහොත් ඔහු එයින් කෙතරම් සතුටක් අත්කරගනිද,  එම දානය ලබාදෙන්නාට කෙතරම් පිනක් අත්වෙවිද,

නමුදු අවාසනාවට කරුන නම්, අපට නොපෙනෙන චරිත සතුටු කර ලබන තෘප්තිය,  අසරන පෙනෙන මිනිසෙකු සතුටු කර ලබන්නට තරම් සමාජයේ ඇතැම් මිනිසුන් තවමත් මානසිකව පරිනත නොවී සිටීමයි. තවත් අයෙකුට මාගෙ මතය වෙනස් ලෙස බිදිය හැක නමුත්, මෙහි අදහස් කරන්නේ සරලව කිවහොත් නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ, නිවසේ දෙවියන් අම්මා..  අම්ම පමනක් නොව අපට පෙනන අප වටා ගැවසෙන අයට යුතුකම් ඉටු නොකර ඔවුන්ට නොසලකා කිසි දිනෙක නොදැක්ක නොපෙනෙන කෙනෙකු පසුපස යාමතුළ ඇති හරය  කුමක්ද? ධර්මයක් දර්ශනයක් අවබෝධයෙන් අධ්‍යනය කිරීමේ වරදක් නැත. නමුත් ඒවාට ඇලී ගැලී අනවබෝධයෙන් ගමන් කිරීම තුළ අපට අප වටා, පෙනෙන ලෝකය මගහැරෙනු ඇත.

නෙත්මිණි ගුණවර්ධන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000