English English සිංහල සිංහල தமிழ் தமிழ்

සමාජ ආරක්ෂණ බද්ද අද සිට.

Facebook
Twitter
LinkedIn

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අද සිට කි‍්‍රයාත්මක වනවා.

ඒ අනුව රුපියල් බිලියන 140 ක අමතර ආදායමක් උපයා ගැනීමට රජය අපේක්ෂා කරනවා.

කෙසේ වෙතත්, ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙම නව බදු පැනවීමත් සමඟ භාණ්ඩ හා සේවා මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවයි.

එමෙන්ම, රජයට ආදායම් ඉපැයීම සඳහා පනවන මෙවැනි බදු යොදා ගත යුත්තේ තාවකාලිකව බවද ඔවුන් පෙන්වා දෙනවා.

කොරෝනා වසංගතයෙන් කඩා වැටුණු ආර්ථිකය යථාවත් කිරීම සඳහා මෙම සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වා දෙනු ලැබුවේ 2022 අයවැය මගින්. කෙසේ වෙතත් එය ක‍්‍රියාත්මක කිරීම අද සිට ආරම්භ කෙරෙන අතර ඒ යටතේ රුපියල් මිලියන 120 ට වැඩි වාර්ෂික පිරිවැටුම මත සියයට 2.5 ක බද්දක් අයකෙරෙනු ඇති.

කෙසේ වෙතත්, ඖෂධ, පෙට‍්‍රල්, ඞීසල් හෝ භූමිතෙල්, එල්.පී. ගෑස්, දේශීය නිෂ්පාදකයෙකුගෙන් හෝ නිපදවන්නෙකුගෙන් මිලදී ගනු ලබන නැවුම් කිරි, අමු පත‍්‍ර, කුරුඳු හෝ රබර් ඇතුළු ද්‍රව්‍ය කිහිපයක් සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කර තිබෙනවා.

එමෙන්ම, විදුලි උත්පාදනය හෝ විදුලිය නිපදවීම, වෛද්‍ය සේවා, ජල සැපයුම, භාණ්ඩ සහ මගී ප‍්‍රවාහනය, නිමි ඇඳුම් මැසීමේ සේවා, සංචාරක සේවා, ජීවිත රක්ෂණ ව්‍යාපාර, සිනමා ශාලා, විදේශ ව්‍යවහාර මුදල්වලින් ගෙවීම් කටයුතු ලබාගන්නා සේවා ඇතුළු සේවාවන් කිහිපයක් මෙම නව බද්දෙන් නිදහස් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000