/
/
title icon කෝටි දෙකක හෙරොයින් අවිස්සාවේල්ලෙන් සොයා ගනී.
කෝටි දෙකක හෙරොයින් අවිස්සාවේල්ලෙන් සොයා ගනී.
Editor
1 year ago
Share:
කෝටි දෙකක හෙරොයින් අවිස්සාවේල්ලෙන් සොයා ගනී.

රුපියල් කෝටි දෙකකට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ දෙකයි ග‍්‍රෑම් 65 ක් සමඟ පුද්ගලයෙකු අවිස්සාවේල්ල – වත්තෙකඩේ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවිස්සාවේල්ල කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් යතුරුපැදියක ගමන් ගත් පුද්ගලයෙකු පෙරේදා රාත‍්‍රියේ පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී ඔහු සතුව හෙරොයින් සහිත පාර්සලයක් හමුවී ඇති අතර, පසුව සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී සැකකරුගේ නිවසේ සඟවා තිබූ තවත් හෙරොයින් තොගයක් සොයාගෙන තිබුණා.

ඒ අනුව සැකකරු සතුව හෙරොයින් කිලෝ දෙකයි ග‍්‍රෑම් 65 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද විසි තුන්ලක්ෂ 85,300 ක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

36 හැවිරිදි සැකකරු අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතක රැඳවුම් නියෝග ලබාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required