English English සිංහල සිංහල தமிழ் தமிழ்

මහනුවරට විශේෂ සුඛෝපභෝගී සීඝ‍්‍රගාමී දුම්රිය සේවාවක්.

Facebook
Twitter
LinkedIn

සෑම සති අන්තයකම ධාවනය කෙරෙන පරිදි කොළඹ – කොටුවේ සිට මහනුවර දක්වා විශේෂ සුඛෝපභෝගී සීඝ‍්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කිරීම අද සිදු කෙරුණා.

දර්ශනීය දුම්රිය මාර්ගයක් වන කදූරට දුම්රිය මාර්ගයේ මනරම් ස්ථාන දෙකක් වන උතුවන්කන්ද සහ සිංහ ලකුණ දරිශනය වන පරිදි මිනිත්තු කිහිපයක් දුම්රිය නවතා එම අත්දැකීම විඳගන්නට අවස්ථාව සලසා දීමට පියවර ගැනීම විශේෂත්වයක් වූ අතර මාවනැල්ල නගරයද එහිදී මනාව දර්ශනය වුණා.

එම දුම්රිය පෙරවරු 9.18 ට මදක් පමා වී මහනුවර දුම්රිය ස්ථානයට ළගා වූ අතර, නැවත මහනුවරින් සවස 4.50ට පිටත් වීමට නියමිත දුම්රිය රාත්‍රී 7.40ට කොළඹ කොටුවට ළගා වීමට නියමිතයි.

සෙනසුරාදා සහ ඉරිදා දෙදින නව දුම්රිය ධාවනයට එක් කරනු ලැබුවේ  දෛනිකව වැඩි වන මගී අවශ්‍යතා අනුව බව ප්‍රකාශ කළ එම අවස්ථාවට එක්වූ ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, පළමු පන්තියේ ආසනයක් රුපියල් 2000කටත් දෙවන පන්තියේ ආසනයක් රුපියල් 1500ට මිලදී ගත හැකි බව සඳහන් කළා.

මහනුවර දළදා මාලිගාව වන්දනා කිරීමට සහ පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීමට මෙන්ම මහනුවර නගරයේ සිරි නරඹන දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව සඳහායී මෙම දුම්රිය යොදවා ඇත්තේ.

මේ අතර, ඉදිරියේදී කොළඹ – කොටුවේ සිට අනුරාධපුරය දක්වා විශේෂ සුඛෝපභෝගී සංචාරක දුම්රිය සේවයක් ආරම්භ කිරීමට ප‍්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000