/
/
title icon කාන්තාව සංස්කෘතයට ය‍ටත් විය යුතුද..?
කාන්තාව සංස්කෘතයට ය‍ටත් විය යුතුද..?
Editor
1 year ago
Share:
කාන්තාව සංස්කෘතයට ය‍ටත් විය යුතුද..?

තවත් පරපුරකට ජීවය ලබා දෙමින් මනුෂ්‍ය සංහතියේම පැවැත්ම තීරණය කරනු ලබන්නේ කාන්තාවයි.කාන්තාව යන සුවිශේෂී චරිතය සමාජය තුළ විවිධ භූමිකා ඉටු කරනු ලබයි.දියණියක්, තරුණියක්, බිරිදක්, මවක් යනාදී විවිධ භූමිකා ජීවන රග මඩල තුළ ඇය රග දක්වයිසමාජයේ ස්ත්‍රිය හා පුරුෂයා ගත් විට පුරුෂ පාර්ශවයට වඩා ස්ත්‍රිය සමාජ සංස්කෘතියට අනුකූලව  ඉහත දැක්වූ භූමිකා වල නිරත විය යුතු බව සමාජ මතයයි.

ඒ අනුව වර්තමානයේ පවා කාන්තාව වූ කලී ඒ ඒ සමාජ මට්ටම් මගින් තමන්ට පවරා දුන් සංස්කෘතිකාංග වලට යටත්ව ජීවත් වනු දැක ගත හැක. ඇදුම් පැලදුම් භාවිතය, කතා බහ කිරීම , අන් පුද්ගලයන් සමග ගනුදෙනු කිරීම , ආහාර ගැනීම පවා ස්ත්‍රිය සහ පුරුෂයා සංස්කෘතිය තුලින් වෙන් කර ඇත. එනම් සංස්කෘතිය මගින් පුරුෂ පාර්ශවයට අසීමිත ලෙස නිදහසක් මෙන්ම කාන්තාවට නොකළ යුතු දේ ලෙස සමාජය විසින්ම ඒ ඒ සංස්කෘතිය මගින් පනවා ගත් බැමි වලට යටත්ව ජීවත් වීමට සිදු වී තිබේ.

විශේෂයෙන්ම  යුරෝපීය රටවලට සාපේක්ෂව ආසියාතික රටවල බොහෝ කාලයක පටන්ම කාන්තාව  පුරුෂයාට වඩා පහත් තැනක් හිමි කරගෙන සිටි බව අතීතය සාක්ෂි දරයි.ආර්ථික, දේශපාලන, සමාජ ආදී කුමන ක්‍රියාවක නිරත වුවුද සංස්කෘතිය යන සාධකය කාන්තාවට හරස් වනු ඇත.

කාන්තාව යන මාතෘකාව  අතීත සමාජයේ පමණක් නොව  වර්තමානයේද ඉන් මතුවට ඉදිරි අනාගතයේදීත් සංස්කෘතිය යන සමාජ සංකල්පය  සමග ඝට්ටනට වෙමින් ඉදිරියට ගමන් කරනු ඇත.

දිල්කි රත්නායක

කැලණිය විශ්වවිද්‍යාලය

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required