/
/
title icon අද මැදියම් රැයේ සිට පෙට්රල් මිල පහතට.
අද මැදියම් රැයේ සිට පෙට්රල් මිල පහතට.
Editor
1 year ago
Share:
අද මැදියම් රැයේ සිට පෙට්රල් මිල පහතට.

අද මධ්‍යම රාත්‍රි දොලහේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 40 කින් පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එම වර්ගයේ පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 410 ක්.

එසේම, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක මිලද රුපියල් 30 කින් පහත දමා ඇති අතර, එහි නව මිල රුපියල් 510 ක් බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ.

කෙසේ වෙතත්, ඩීසල් සහ භූමිතෙල්වල මිල ගණන්වල සංශෝධනයක් සිදුකර නැහැ.

මෙම මිල ගණන්වලට සමානුපාතිකව තමන්ද පෙට්රල් මිල පහත දමන බවයි ලංකා අයි.ඕ.සී. සමාගම ප්‍රකාශ කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required