English English සිංහල සිංහල தமிழ் தமிழ்

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවය.

Facebook
Twitter
LinkedIn

ජපානයේ හිටපු අගමැතිවරයෙකු සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වත්මන් මන්ත්‍රීයෙකු වූ ෂින්සෝ අබේ, 2022 ජූලි 8 වන දින ජපානයේ නාරා ප්‍රාන්තයේ නාරා නගරයේ යාමටෝ-සයිඩයිජි දුම්රිය ස්ථානයෙන් පිටත දේශපාලන උත්සවයක් අමතමින් සිටියදී ඝාතනයට ලක් විය. 67 වන වියේ පසු වූ ෂින්සෝ අබේ, ජපානයේ වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය දැරූ පුද්ගලයා වේ. ජපානය දියුණුවෙන් දියුණුවට පත්කිරීමට ෂින්සෝ ඉදිරිපත් කළ “අබෙනොමික්ස්“ නම් වූ ආර්ථික සැලසුම කිසිවෙකුට අමතක නොවනු ඇතැයි සැලකේ.

ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයෙකු සඳහා ප්‍රචාරක රැළියක් පවත්වමින් සිටියදී, නිවසේ දී සෑදූ ගිනි අවියකින් අබේට පිටුපසින් වෙඩි තබා ඇත. එම ඝාතනයේ සැකකරුවෙකු වන ටෙට්සුයා යමගාමි එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇත. එම ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරීන් තුවක්කුකරු මැඩපවත්වා ඇති අතර, සැකකරු 41 හැවිරිදි වේ.අබේ වෛද්‍ය හෙලිකොප්ටරයකින් නාරා වෛද්‍ය විශ්ව විද්‍යාල රෝහල වෙත රැගෙන යන ලද අතර, වෙඩි තැබීමෙන් පැය පහහමාරකට පසු ඔහු ජපාන වෙලාවේ සවස 5.03ට මිය ගිය බව ප්‍රකාශ විය.

අබේගේ භෂ්මාවශේෂ, ඔහුගේ වැන්දඹුව වන අකී විසින් රැගෙන ටෝකියෝ හි මහල් බුඩෝකන් ස්ථානයට පැමිණි ඇති අතර, එහිදී ඝාතනයට ලක්වූ හිටපු නායකයාට ගෞරව පිණිස තුවක්කු 19 ක ආචාරයක් නැඟිණි. අනතුරුව ඔහුගේ භෂ්මාවශේෂ අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා විසින් භාරගනු ලැබ ඇත.

අබේගේ අවමංගල්‍ය උත්සවය සඳහා ජපාන වැසියන් දහස් ගණනක් සහභාගි වී සිට ඇති අතර ඔහුට ගෞරව දැක්වීම සඳහා ලොව පුරා රාජ්‍ය නායකයින් ටෝකියෝ නුවරට පැමිණ තිබුණි.

එමෙන් ම, අබේගේ අවමංගල්‍ය උත්සවය ආරම්භ වන විට දහස් ගණනක් විරෝධතාකරුවන් රැස්ව සිට ඇත. එයට හේතුව වන්නේ අවමංගල්‍ය උත්සවය සඳහා වඩා ත් හදිසි අවශ්‍යතා සඳහා යොමු කළ හැකි වටිනා රාජ්‍ය සම්පත් භාවිත කරන බවට විරෝධතාකරුවන් චෝදනා කරන බව ය.

රාජ්‍ය අවමංගල්‍ය සාමාන්‍යයෙන් ජපානයේ අධිරාජ්‍ය පවුල සඳහා පමණක් පැවැත්වෙන අතර අබේට රටේ දීර්ඝතම කාලයක් අගමැති ධූරය දැරූ නායකයා ලෙස ගෞරවය ලබා දී ඇති බැවින් ඔහුගේ අවමංගල්‍ය උත්සවය ද රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් ලෙස පවත්වන බව ප්‍රකාශ විය.

ඒ අනුව ඒ මහතාගේ අවමංගල්‍ය උත්සවය සැප්තැම්බර් 27 වන දින පැවැත්වවූනු අතර ඒ සඳහා පොලිස් නිලධාරීන් 20,000 ක් පමණ යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඒ මහතාගේ අවමංගල්‍ය උත්සවය අද පැවැත්වෙන අතර ඒ සඳහා පොලිස් නිලධාරීන් 20,000 ක් පමණ යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඒ මහතාගේ රාජ්‍ය අවමංගලය මෙලෙස අධික වියදමක් දරා සිදු කිරීම සම්බන්ධයෙන් රට පුරා විරෝධතාද නිර්මාණය වී ඇති බවය හඳුනා ගත හැකිය.

භාග්‍යා බණ්ඩාර.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000