English English සිංහල සිංහල தமிழ் தமிழ்

අධි ආරක්ෂිත කලාප ගැසට්ටුව අහෝසිියි.

Facebook
Twitter
LinkedIn

ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ත‍්‍රිවිධ හමුදා මූලස්ථාන, පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුළු ප‍්‍රදේශ රැසක් අධි ආරක්ෂක කලාප ලෙස ප‍්‍රකාශයට පත් කරමින් පසුගිය 23 වැනිදා නිකුත් කෙරුණු අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ අහෝසි කළා.

ඒ, ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින්.

පසුගිය 23 වැනිදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ත‍්‍රිවිධ හමුදා මූලස්ථාන, පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුළු ප‍්‍රදේශ රැසක් අධි ආරක්ෂක කළාප ලෙස ප‍්‍රකාශයට පත්කෙරුණා.

ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබුණේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුවයි.

ඊට අනුව පාර්ලිමේන්තු සංකීර්ණය, උපරිමාධිකරණ සංකීර්ණය, නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා සහ පොලිස් මූලස්ථානය, ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදා මූලස්ථානය, ගුවන් හමුදා මූලස්ථානය, ආරක්ෂක ලේකම් හා ත‍්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස ප‍්‍රදේශය, අරලියගහ මන්දිරය, අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය පිහිටි ප‍්‍රදේශ අධි ආරක්ෂක කලාප ලෙස නම් කර තිබුණා.

ඒ අනුව එම කලාප තුළ ඇතැම් කටයුතු පාලනය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට විධි විධාන සැලැස්විය හැකියි.

පොලිස්පතිවරයාගේ හෝ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පූර්ව ලිඛිත අවසරය ලබාගෙන මිස මෙම කලාපවල පිහිටි මාර්ගවල, පිට්ටනියක, වෙරළක හෝ එළිමහන් ස්ථානවල කුමන හෝ ප‍්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීමට අවසර හිමිව තිබුණේද නැහැ.

මෙම ගැසට් නිවේදනයට එරෙහිව පාර්ශව රැසක් විරෝධය පළ කළ අතර, පාර්ශව කිහිපයක් ඊට එරෙහිව පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම්ද ගොනු කරනු ලැබුවා.

එවන් පසුබිමකයි අදාළ ගැසට් නිවේදනය ඊයේ දිනයේ සිට අහෝසි කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000