English English සිංහල සිංහල தமிழ் தமிழ்

කරාපිටිය රෝහලේ ඛේදවාචකය.

Facebook
Twitter
LinkedIn

මහරගම අපේක්ෂා රෝහල හැරුණු විට දිවයිනේ ඇති එකම පිළිකා ළමා වාට්ටුව පිහිටා ඇති කරාපිටිය ශික්ෂණ රෝහලේ එම වාට්ටුව වසා දමා ඇති බව වාර්තා වනවා. ඒ, වසර එකහමාරක පමණ කාලයක සිටයි.

කිමෝ තෙරපි සහ රේඩියෝ තෙරපි ප‍්‍රතිකාර පහසුකම්වලින් සමන්විත අදාළ වාට්ටුවේ රෝගී දරුවන් දස දෙනෙකුට අංග සම්පූර්ණ නේවාසික පහසුකම් පවතිනවා.

විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක්, පුහුණු හෙද කාර්ය මණ්ඩලයක් සහ කණිෂ්ඨ සේවකයින් දෙදෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් මෙම ළමා පිළිකා වාට්ටුවට අනුයුක්තව සේවය කළා.

අදාළ වාට්ටුවෙන් ඇල්ල, වැල්ලවාය, බදුල්ල, මොණරාගල, අම්පාර, කතරගම ආදී ප‍්‍රදේශවල දරුවන් එවක ප‍්‍රතිකාර ලබාගත් අතර, පසුගිය වසරේ ජුනි මාසයේ වාට්ටුව සම්පූර්ණයෙන්ම වසා දමන අවස්ථාවේදී එහි ප‍්‍රතිකාර සඳහා ලියාපදිංචි වී සිටි දරුවන් සංඛ්‍යාව 250 ක්.

වාට්ටුව වසා දැමීමත් සමඟ එම දරුවන් මේ වනවිට ප‍්‍රතිකාර සඳහා මහරගම අපේක්ෂා රෝහල වෙත යොමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ එස්.ඞී.යූ.එම්. රංග කියා සිටියේ දිවයිනටම පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සිටින්නේ සීමිත පිරිසක් බවයි.

ඔවුන් මහරගම අපේක්ෂා රෝහලේ සේවයේ නිරතව සිටින බැවින් කරාපිටිය රෝහලේ ළමා පිළිකා වාට්ටුවට වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව ඔහු සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000