/
/
title icon පෙට‍්‍රල් මිල පහළ දැමුවත් තුන් සක රිය ගාස්තු අඩු කරන්න බෑ කියයි.
පෙට‍්‍රල් මිල පහළ දැමුවත් තුන් සක රිය ගාස්තු අඩු කරන්න බෑ කියයි.
Editor
1 year ago
Share:
පෙට‍්‍රල් මිල පහළ දැමුවත් තුන් සක රිය ගාස්තු අඩු කරන්න බෑ කියයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට‍්‍රල් මිල පහත දැමුණා. ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 40 කින් අඩු කළ අතර එහි නව මිල රුපියල් 410 ක්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිලද රුපියල් 30 කින් පහත දැමීමටයි පියවර ගත්තේ.

ඒ අනුව එහි නව මිල රුපියල් 510 ක්.

කෙසේ වෙතත්, ඔටෝ ඩීසල්, සුපර් ඞීසල් සහ භූමිතෙල් මිල ගණන් වල සංශෝධනයක් සිදුවන්නේ නැහැ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව අඩු කළ අගයන්ට සාපේක්ෂව මිල අඩු කිරීම සිදුකරන බව ලංකා අයි. ඕ.සී. සමාගම ද ප‍්‍රකාශ කළා.

ඉන්ධන මිල සූත‍්‍රයට අනුව සෑම මසකම පළමු වැනිදා සහ 15 වැනිදා මිල සංශෝධනයක් සිදුකිරීමට නියමිතයි. ඒ අනුවයි ඊයේ මෙලෙස පෙට‍්‍රල් මිල අඩු කිරීමට තීරණය කෙරුණේ.

කෙසේ වෙතත්, පෙට‍්‍රල් මිල පහත දැමුවද තී‍්‍රරෝද ගාස්තු අඩු කිරීමට කටයුතු නොකරන බව තී‍්‍රරෝද රථ සංගම් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ සතියකට ලබාදෙන ඉන්ධන කෝටාව සීමාසහිත බැවින් තී‍්‍රරෝද රථ ගාස්තුව අඩු කිරීමට හැකියාවක් නොමැති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required