/
/
title icon පෙට්‍රෝ චයිනා සමාගම සහ බලශක්ති ඇමති අතර හමුවක්.
පෙට්‍රෝ චයිනා සමාගම සහ බලශක්ති ඇමති අතර හමුවක්.
Editor
1 year ago
Share:
පෙට්‍රෝ චයිනා සමාගම සහ බලශක්ති ඇමති අතර හමුවක්.

ඉදිරියේදී මෙරට ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් පෙට්‍රෝ චයිනා සමාගම සමඟ සාකච්ඡාවක් සිදුකළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප‍්‍රකාශ කළා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ අදාළ සාකච්ඡාවේදී ඉන්ධන සැපයුම වෙනුවෙන් ඛනිජ තෙල් සංස්ථාව පාර්ශවයෙන් පියවිය යුතු ගෙවීම් සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.

වසර 10 ක කාලයක් තිස්සේ පෙට්‍රෝ චයිනා සමාගම මෙරටට ඉන්ධන සැපයීමේ කාර්යයේ නිරතව සිටිනවා.

තමන් සමඟ පැවති මෙම සාකච්ඡුාවට පෙට්‍රෝ චයිනා සමාගම වෙනුවෙන් එහි උප සභාපතිවරයා සහ කළමනාකරණ අධ්‍යක්ෂවරයා එක්වූ බවයි අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් පණිවුඩය මගින් වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required