/
/
title icon සනීපාරක්ෂක තුවා සඳහා බදු ඉවතට.
සනීපාරක්ෂක තුවා සඳහා බදු ඉවතට.
Editor
1 year ago
Share:
සනීපාරක්ෂක තුවා සඳහා බදු ඉවතට.

දේශියව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනය කරන ප‍්‍රධාන අමුද්‍රව්‍ය පහක් මත පනවා ඇති බදු සියල්ල ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම ආනයනික නිමි සනීපාරක්ෂක තුවා සඳහා බදු සහන සැළසීමටද තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය දැක්වුණේ.

එමෙන්ම, ආනයනික නිමි සනීපාරක්ෂක තුවා සඳහා බදු සහන සැලසීමටද තීරණය කර ඇති බවයි එහි තවදුරටත් සඳහන්.

කාන්තාවන් සහ පාසල් දැරියන් අතර සනීපාරක්ෂක නිෂ්පාදන දැරිය හැකි මිලකට ලබා ගැනීමේ වැදගත්කම සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම බදු සහන සමග දේශියව නිෂ්පාදිත සනීපාරක්ෂක තුවා 10 ක් සහිත පැකට්ටුවක මිල රුපියල් 50 ත්, 60 ත් අතර මිලකින් අඩුවීමට නියමිතයි.

එහි උපරිම සිල්ලර මිල රුපියල් 260 ත් – 270 ත් අතර විය යුතු වනවා.

එමෙන්ම ආනයනික නිමි නිෂ්පාදනවල සිල්ලර මිල සියයට 18 කින් 19 කින් අඩුවීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ උපදෙස් පරිදි බදු සහන ලබා දීමට රජයේ බලධාරින් අවශ්‍ය පියවර ගනිමින් සිටියි.

නිෂ්පාදකයින් මෙම අමුද්‍රව්‍ය ආනයන කරන අවස්ථාවේදීයි අදාළ බදු සහන ලබා ගැනීම සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයාගේ නිර්දේශ ලබාගත යුතු වනවා.

ඒ අනුව රේගු ආනයන මත සියයට 15 ක රේගු ආනයන බද්ද, සියයට 10 ත් 15 ත් අතර වූ  සෙස් බද්ද සහ සියයට 10 ක් වූ වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බද්ද , අමුද්‍රව්‍ය 05 ක් ආනයනය කිරීමේදී හා අතරමැදි භාණ්ඩ ආනයනය කිරීමේදී ඉවත් කර තිබෙනවා.

දේශියව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා වැට් බද්ද ශූන්‍ය අනුපාතයක පවතින අතර නිමි සනීපාරක්ෂක තුවා ආනයනය කරන්නන්ටද ශූන්‍ය අනුපාත වැට් බද්දේ ප‍්‍රතිලාභ හිමිවනු ඇති.

මෙම සියලූ ප‍්‍රතිලාභ අර්බුද කාලසීමාවට බලපැවැත්වෙන පරිදි ලබා දීමට නියමිතයි. සනීපාරක්ෂක තුවා සඳහාවන අමුද්‍රව්‍ය ආනයනයට අයකරන බදු හේතුවෙන් සනීපාරක්ෂක තුවා මිල ඉහළ යාම නිසා එම බදු අඩුකරන්නැයි දේශිය නිෂ්පාදකයන් පසුගියදා රජයෙන් ඉල්ලීමක් කර තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required