/
/
title icon මත්පැන් සහ දුම්වැටි මිල නගී.
මත්පැන් සහ දුම්වැටි මිල නගී.
Editor
1 year ago
Share:
මත්පැන් සහ දුම්වැටි මිල නගී.

මත්පැන් මිල පෙරේදා මධ්‍යම රාත‍්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවා ඇති බව ඩී.සී.එස්.එල්. සමාගම පවසනවා.

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ක‍්‍රියාත්මක වීමත් සමඟ මෙම මිල වැඩි කිරීම සිදුකළ බවයි එම සමාගම සඳහන් කළේ.

ඒ අනුව අතිවිශේෂ ලේබලය යටතේ නිකුත් කෙරෙන මිලිලිීටර 750 මත්පැන් බෝතලයක මිල රුපියල් 150 කින්ද, මිලිමීටර 375 මත්පැන් භාගේ බෝතලයක මිල රුපියල් 70 කින්ද, මිලිලීටර් 180 කාලේ බෝතලයක මිල රුපියල් 30 කින්ද ඉහළ නංවා තිබෙනවා.

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද මේ මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරුණා.

එමෙන්ම දුම්වැටියක මිලද පෙරේදා දිනයේ සිට රුපියල් 5 කින් ඉහළ දැමුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required