English English සිංහල සිංහල தமிழ் தமிழ்

දංඕවිට සිද්ධියේ සැකකරුවන් 14 දක්වා රිමාන්ඩ් – පෙතියාගොඩ සංඛත් අල්ලයි.

Facebook
Twitter
LinkedIn

ගම්පහ – දංඕවිට නගරයේ පිහිටි මත්පැන් අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණ පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී තුවාල ලැබූ දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මොවුන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී වැලිසර මහේස්ත‍්‍රාත්වරයා පරීක්ෂා කිරීමෙන් අනතුරුව මේ මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

එදිනට මොවුන් අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

දංඕවිට නගරයේ පිහිටි මත්පැන් අලෙවිසැලක ඉබි යතුරු කඩා දේපළ සොරකම් කිරීමට කොල්ලකරුවන් දෙදෙනෙකු පැමිණ තිබුණේ ඊයේ දිනයේයි.

එහිදී පොලිසිය සමඟ වෙඩි හුවමාරුවක් සිදුවූ අතර, එම අවස්ථාවේදී බස් රථයක ගමන් කරමින් සිටි 29 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්වුණා.

මේ අතර දිවයිනේ නමගිය සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයෙකු වූ පෙතියාගොඩ සංඛ නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකායේ රාජගිරිය කඳවුරේ නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගත්තා.

මොහුගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම්වලදී කුරුවිට ප‍්‍රදේශයේ පුද්ගලයෙකුට ගිනි අවියක් ලබාදී ඇති බවත්, එය නැවත භාරදීම සඳහා පැමිණෙන බවත් අනාවරණ වී තිබුණා.

ඒ අනුව ඇහැලියගොඩ පොලිස් වසමේ පුස්සැල්ල ප‍්‍රදේශයේදී එම අවිය ලබාගත් සැකකරු සහ තවත් අයෙකු විදේශ රටක නිෂ්පාදිත මිලිමීටර 9 වර්ගයේ පිස්තෝල අවියක් සහ පතොරම් පහක් සමඟ ත‍්‍රිරෝද රථයක්ද විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබෙනවා.

31 හැවිරිදි පෙතියාගොඩ සංඛ අංගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, අනෙක් දෙදෙනා අවුරුදු 25 සහ 40 යන වයස්වල පසුවන පරකඩුව ප‍්‍රදේශයේ පදිංචිකරුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000