/
/
title icon කෝප් සහ කෝපා කමිටුවලට සාමාජිකයන් නම් කරයි.
කෝප් සහ කෝපා කමිටුවලට සාමාජිකයන් නම් කරයි.
Editor
1 year ago
Share:
කෝප් සහ කෝපා කමිටුවලට සාමාජිකයන් නම් කරයි.

මෙතෙක් සාමාජිකයන් නම් නොකළ කෝප් සහ කෝපා කමිටු සඳහා සාමාජිකයන් නම් කිරීම කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද පාර්ලිමේන්තුවේදී සිදුකළා.

පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී කථානායකවරයා දැනුම්දුන්නේ රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සහ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකයින් 27 බැගින් නම් කරන බවයි.

කෙසේ වෙතත්, පසුගිය කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය චරිත හේරත්, මෙවර කෝපා කමිටුවේ සාමාජිකයෙකු ලෙස නම් කර ඇති නමුත් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස මීට පෙර කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය තිස්ස විතාරණ එම කාරක සභාවලට නම් කර නැහැ.

කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධුර විපක්ෂයට ලබා දෙන්නේදැයි විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කථානායකවරයාගෙන් මෙහිදී යළි ප‍්‍රශ්න කර සිටියා.

මේ වනවිට පත් කර ඇති මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වායි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required