/
/
title icon ශ්‍රී ලංකාවේ සෞභාග්‍යයේ ප්‍රයත්නයට කැපවන බව යුරෝපා සංගමය කියයි.
ශ්‍රී ලංකාවේ සෞභාග්‍යයේ ප්‍රයත්නයට කැපවන බව යුරෝපා සංගමය කියයි.
Editor
1 year ago
Share:
ශ්‍රී ලංකාවේ සෞභාග්‍යයේ ප්‍රයත්නයට කැපවන බව යුරෝපා සංගමය කියයි.

ආර්ථික අර්බුදය ජයගනිමින් රට සෞභාග්‍යය කරා ගෙන යාමට සහ කල්පවත්නා ජාතික සංහිඳියාවේ මාවතට ප‍්‍රවේශ වීමට ශ‍්‍රී ලංකාව දරන ප‍්‍රයත්නයට සහය වීමට යුරෝපා සංගමය කැපවී සිටින බව යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේන් පවසනවා.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ එම ධුරයට පත්වීම නිමිත්තෙන් විශේෂ සුබපැතුම් පණිවුඩයක් යොමුකරමිනුයි යුරෝපා කොමිසමේ සභාපතිනිය මේ බව කියා සිටියේ.

ශ‍්‍රී ලංකා රජය ගෙන යන මෙම ක‍්‍රියාවලියේදී අදහස් ප‍්‍රකාශ කිරීම, රැස්වීමේ නිදහස මෙන්ම සියලූ පාර්ශවකරුවන් අතර සංවාදයක් සහ නීතියේ ආධිපත්‍යය මෙන්ම මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීම අත්‍යවශ්‍යව පවතින බවයි ඇය කියා සිටියේ.

ජී.එස්.පී. ප්ලස් කැපවීම් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව ලබා ඇති ප‍්‍රගතිය පිළිබඳ යුරෝපා සංගමය කරන ලද තක්සේරුව සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවයි ඇය කියා සිටියේ.

ඒ පිළිබඳව යුරෝපා සංගමයේ තක්සේරුව කඩිනමින් ඉදිරිපත් කරන බවද යුරෝපා කොමිසමේ සභාපතිනිය ප‍්‍රකාශ කර තිබෙනවා.

මෙම වාර්තාව මේ වසරේ අගභාගයේදී හෝ ලබන වසරේ මුල් භාගයේදී නිකුත් කිරීමට නියමිත අතර එමඟින් සියලූ ශ‍්‍රී ලාංකිකයන්ගේ කෙටි හා දිගු කාලීන අවශ්‍යතා සහතික කෙරෙන ප‍්‍රතිපත්ති හඳුන්වා දීමට සහ මෙහෙයවීමට අපේක්ෂිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required