English English සිංහල සිංහල தமிழ் தமிழ்

ලක්ෂපාන, ඉහළ කොත්මලේ වාන් දොරටු අරී – වතු නිවසකට පස් කන්දක් කඩාවැටී කාන්තාවක් මරුට.

Facebook
Twitter
LinkedIn

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වැසි හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දොරටු දෙකක් තවදුරටත් විවෘත කර තැබෙන බව ජලාශ භාර ඉංජිනේරුවරයා ප‍්‍රකාශ කළා.

මේ හේතුවෙන් ජලාශයේ පහළ ප‍්‍රදේශවල කොත්මලා ඔයේ ජලය පරිහරණය කිරීමේදී අවධානයෙන් පසුවන ලෙස නුවරඑළිය දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කළා.

කාසල්රී සහ මවුස්සාකැලේ ජල පෝෂක ප‍්‍රදේශවලට තද වැසි ඇතිවීමත් සමඟ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 3 ක් ද අද අළුයම සිට විවෘත කෙරුණා.

නෝටන්බ්‍රිජ් – විමලසුරේන්ද්‍ර ජලාශයද ඊයේ සිට වාන් දැමීමට පටන් ගෙන ඇති බවයි නුවරඑළිය දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් සඳහන් කළේ.

පවතින වර්ෂාවත් සමඟ කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතිනවා.

ජල මට්ටම ඉහළ යෑමත් සමඟ කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජලවිදුලි බලාගාරවල උත්පාදනය උපරිම ධාරිතාවයෙන් සිදුවන බවයි බලාගාර භාර ඉංජිනේරුවරුන් සඳහන් කළේ.

පවතින අධික වර්ෂාවත් සමඟ කැළණි ගඟේ ජල මට්ටමද ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

මේ අතර, මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් දිඹුලපතන – මවුන්ට් වර්නන් වතු යායේ නිවාසයක් මතට අද අලූයම විශාල පස් කන්දක් කඩාවැටීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.

මෙම අනතුරෙන් මියගොස් තිබුණේ 46 හැවිරිදි කාන්තාවක්.

එමෙන්ම, හැටන් – ගාමිණීපුර ප‍්‍රදේශයේ නිවසක් මතට මාර ගසක් කඩාවැටීමෙන් අඹුසැමි යුවළක් තුවාල ලබා නිවසටද බරපතල හානි සිදුව තිබෙනවා.

මේ අතර, දිවයිිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලටත්, උතුර, උතුරුමැද සහ දකුණු පළාත්වලටත් ත‍්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත‍්‍රික්කවලටත් පැයට කිලෝමීටර 55 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් කඳුකර ප‍්‍රදේශවල නායයෑම් අවදානම් සහිත ප‍්‍රදේශවල සහ ගංඟා ආශ‍්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000