/
/
title icon A/L කල් දැම්මොත් සිදුවන පාඩුව සුසිල් මැතිසබයට කියයි.
A/L කල් දැම්මොත් සිදුවන පාඩුව සුසිල් මැතිසබයට කියයි.
Editor
1 year ago
Share:
A/L කල් දැම්මොත් සිදුවන පාඩුව සුසිල් මැතිසබයට කියයි.

ලබන දෙසැම්බරයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය කල් දැමුවහොත් ලබන වසරේ පෙබරවාරි මාසයේදී ඒ සඳහා දිවයින පුරා පාසල් දස දහසක් වැසීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ප‍්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

කෙසේ වෙතත්, විභාගය කල් දමන ලෙස කර ඇති ඉල්ලීම විභාග දෙපාර්තමේන්තුව වෙත යොමුකරන බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උද්දික ප්‍රේමරත්න මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්නයක් මතුකළ අතර, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන හේෂා විතානගේ, රෝහිණී කවිරත්න සහ මහාචාර්ය ගුණපාල රත්නසේකර ඊට මැදිහත්වුණා.

මේ අතර, යෝජිත අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණය යටතේ පළමු ශ්‍රේණියේ සිට දරුවන්ට භාවිතයෙන් ඉංග‍්‍රීසී ඉගැන්වීම ලබන වසරේ මාර්තු මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.

ඒ, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ පැනයකට පිලිතුරු ලෙසයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required