English English සිංහල සිංහල தமிழ் தமிழ்

තඹුත්තේගම කොල්ලය වැළැක්වූ සැරයන්ට ලක්ෂ 25 ක්.

Facebook
Twitter
LinkedIn

තඹුත්තේගම ප‍්‍රදේශයේ සිදුවූ රුපියල් කෝටි දෙකකට අධික මුදල් කොල්ලය දිවි පරදුවට තබා වැළැක්වූ පොලිස් සැරයන් ඞී.ඒ.සී බුද්ධික කුමාර උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී ඊයේ මෙම උසස්වීම පිරිනමනු ලැබුවේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති සී.ඞී.වික‍්‍රමරත්න විසින්.

එමෙන්ම, සිදුකළ ක‍්‍රියාව අගයමින් ඔහුට පොලිස් වීරතා පදක්කම සහ පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් ලක්ෂ 25 ක මුදලක් පිරිනැමීමට ද පොලිස්පතිවරයා කටයුතු කරනු ලැබුවා.

පසුගිය මස 26 වනදා පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීම සඳහා තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකු රැගෙන ආ රුපියල් ලක්ෂ 223 ක මුදලක් කොල්ලකා පලායාමට උත්සහ කළ යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනා සමඟ පොරබදා එය ව්‍යර්ථ කිරීමට මෙම පොලිස් සැරයන්වරයා කටයුතු කරනු ලැබුවා.

මේ අතර, මෙම කොල්ලය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රාජාංගනය ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත‍්‍රී සුරංග මහේෂ් සූරියආරච්චි ඇතුළු සැකකරුවන් තිදෙනාගේ ජංගම දුරකථන සම්බන්ධ විශ්ලේෂණ වාර්තා නොපමාව පොලිසියට ලබා දෙන ලෙස අධිකරණය අදාළ දුරකථන සමාගම්වලට අද නියෝග කළා.

ඒ තඔුත්තේගම මහේස්ත‍්‍රාත් නුවන් කෞෂල්‍ය හමුවේ ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

එමෙන්ම, සිද්ධියට අදාළව විමර්ශන මෙහෙයවා තවත් සැකකරුවන් සිටීනම් ඔවුන්ද වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000