/
/
title icon සිපෙට්කෝ පිරවුම්හල් ඉන්ධන ඇණවුම් කිරීම අත්හිටුවයි – සැපයුමට බාධාවක් නැතැයි කංචන කියයි.
සිපෙට්කෝ පිරවුම්හල් ඉන්ධන ඇණවුම් කිරීම අත්හිටුවයි – සැපයුමට බාධාවක් නැතැයි කංචන කියයි.
Editor
1 year ago
Share:
සිපෙට්කෝ පිරවුම්හල් ඉන්ධන ඇණවුම් කිරීම අත්හිටුවයි – සැපයුමට බාධාවක් නැතැයි කංචන කියයි.

සිපෙට්කෝ පිරවුම්හල්වලින් පරිහරණ ගාස්තු බද්ද අය නොකරන බවට ලබාදුන් පොරොන්දුව කඩ කරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එම බද්ද අය කිරීමට විරෝධය පළ කරමින් අද දිනය සඳහා වන සියලූම ඇණවුම් අවලංගු කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න ප‍්‍රකාශ කළා.

අලෙවියට සාපේක්ෂව පසුගිය වසරේ ගෙවූ වට්ටමෙන් කොටසක් බද්දක් ලෙස ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිලදී ගැනීමට තැන්පත් කරන මුදලින් අය කර ගන්නා බව දැනුම් දී තිබූ බවත් ඒ සම්බන්ධයෙන් යොමුවූ විරෝධයත් සමඟ එය අය නොකරන බව දැනුම් දී තිබූ බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත්, විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්ධන සැපයුම කිසිදු බාධාවකින් තොරව සිදු කෙරෙන බවයි.

ඒ හේතුවෙන් නොමඟ යවන සුළු පුවත් සහ ප‍්‍රකාශ සම්බන්ධයෙන් කලබල නොවන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.

මේ අතර, විදුලිිබල සැපයුම සම්බන්ධ සියලූ සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයුම හෝ බෙදාහැරීම, රෝහල්වල සාත්තු නිවාසවල හෝ බෙහෙත්ශාල සහ ඒ හා සම්බන්ධ වෙනත් ආයතන තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required