/
/
title icon රාජ්‍ය ඇමති සනත් නිශාන්තට එරෙහිව අධිකරණ සේවා සංගමය නඩු මඟට.
රාජ්‍ය ඇමති සනත් නිශාන්තට එරෙහිව අධිකරණ සේවා සංගමය නඩු මඟට.
Editor
1 year ago
Share:
රාජ්‍ය ඇමති සනත් නිශාන්තට එරෙහිව අධිකරණ සේවා සංගමය නඩු මඟට.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බැවින් ඒ පිළිබඳව විභාගයක් පවත්වා ඔහුට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් අධිකරණ සේවා සංගමය  අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

අදාළ පෙත්සම මගින් අධිකරණ සේවා සංගමය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අරගලයට සම්බන්ධ සැකරුවන්ට ඇප ලබාදීමේ ක‍්‍රියාවලිය පිළිබඳව පසුගිය අගෝස්තු මස 23 වනදා සිදුකළ විවේචනාත්මක  ප‍්‍රකාශයක් තුළින් මොහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවයි.

දිවයිනේ සියළු මහේස්ත‍්‍රාත්වරු සහ දිසා විනිසුරුවරු අධිකරණ සේවා සංගමයේ සාමාජිකත්වය දරනවා.

අගෝස්තු මස 23 වනදා මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා ගෝඨාගෝගම අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවන්ට ඇප දීමේදී මහේස්ත‍්‍රාත්වරුන් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ අදහස් පළ කිරීමක් සිදු කර තිබුණා.

එම ප‍්‍රකාශය තුළින් රාජ්‍ය අමාත්‍යවරයා මහේස්ත‍්‍රාත්වරුන් සතු බලය අභියෝගයට ලක් කර ඇති බවත් මොහු අධිකරණයේ ගෞරවය හෑල්ලූවට ලක්කර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105 වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බවත් අධිකරණ සේවා සංගමය ගොනු කළ පෙත්සමේ තවදුරටත් සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required