English English සිංහල සිංහල தமிழ் தமிழ்

සිමෙන්ති 100 කින් බසී.

Facebook
Twitter
LinkedIn

කිලෝග‍්‍රෑම් පනහේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් පහත දැමීමට ඉන්සී සහ ටෝකියෝ සුපර් සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ, ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනයට සහය දැක්වීමේ අරමුණින්.

ඒ අනුව රුපියල් 3,200 ක්ව පැවති ඉන්සී සංස්ථා, ඉන්සී මහවැලි මෙරීන් ප්ලස්, ටෝකියෝ සුපර් සහ නිපොන් කිලෝග‍්‍රෑම් පනහේ සිමෙන්ති කොට්ටයක නව මිල වන්නේ රුපියල් 3,100 ක්.

මේ අතර, සියයට 2.5 හි සමාජ ආරක්ෂණ බද්ද මහජනතාව මංකොල්ල කෑමේ බද්දක් බවට එක්සත් ව්‍යාපාරික සංසදය චෝදනා කරනවා. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංසදයේ නියෝජ්‍ය සභාපති සුසන්ත ලියනආරච්චි මේ බව කියා සිටියා.

මෙම සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් මෙරට සමස්ත කර්මාන්ත ක්ෂේත‍්‍රය දැවැන්ත අර්බුදයකට ලක්වී ඇති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව මේ වසරේ ජූලි මාසයේදී ආනයන වියදම සියයට විසිපහකින් අඩුකරගැනීමට හැකියාව ලැබී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. භාණ්ඩ ආනයන සඳහා පැනවූ සීමාවන් හේතුවෙන් මේ වනවිට ආනයන වියදම අඩුවීම, ප‍්‍රතිශතාත්මකව ඉහළ යමින් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජය ගත් තීන්දු තීරණවල ප‍්‍රතිඵල ක‍්‍රමයෙන් ලැබෙමින් පවතින බවද රාජ්‍ය අමාතවරයා සඳහන් කළා. අපනයන ආදායමද සැළකිය යුතු ලෙස ඉහළ යමින් පවතින අතර, පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මේ වසරේ අපනයන ආදායමේ සියයට 90 ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි ඔහු කියා සිටියේ.

මේ අතර ලබන වසර සඳහා වන අයවැය හෙවත් විසර්ජන පනත් කෙටුම්පතේ වැය ශීර්ෂ ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී සළකා බලා තිබෙනවා. ඒ අනුව ලබන වර්ෂය සඳහා වන මුළු පුනරාවර්තන වියදම රුපියල් බිලියන රුපියල් බිලියන 4,634 ක්.

මුළු මූලධන වියදම රුපියල් බිලියන 3,245 ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000