/
/
title icon අත ළඟ එන තවත් බදු ගැන විපක්ෂයෙන් ඉඟියක්.
අත ළඟ එන තවත් බදු ගැන විපක්ෂයෙන් ඉඟියක්.
Editor
1 year ago
Share:
අත ළඟ එන තවත් බදු ගැන විපක්ෂයෙන් ඉඟියක්.

ඉදිරි දින කිහිපය තුළ තවත් බදු සංශෝධන කිහිපයක් රජය විසින් ගෙන ඒමට සූදානම් වන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප‍්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ 2022 – 2025 කාල පරිච්ජේදය සඳහා ගල් අඟුරු මිලදී ගැනීමේ ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ විගණකාධිපති වාර්තාව රජයේ ගිණුම් පිලිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මේ අතර, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහ කෝප් කමිටුවට ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත‍්‍රීවරුන් නම් නොකිරීම සම්බන්ධයෙන්ද සභාවේ සංවාදාත්මක තත්වයක් ඇතිවුණා.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් කෝප් කමිටුවට සිය පක්ෂයෙන් නම් කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වෙනුවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය චරිත හේරත් යෝජනා කිරීමත් සමඟයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required