English English සිංහල සිංහල தமிழ் தமிழ்

කලා කරුවෙකුගේ නික්මයාම.

Facebook
Twitter
LinkedIn

ඔහු 1981 මාර්තු මස 02 දින උපත ලැබූ අයෙකි. නමින් දර්ශන් ධර්මරාජ වන මොහු චිත්‍රපට, රංගකලාව හා රූපවාහිනි මාධ්‍ය තුළ නිතරම දකින්න ලැබුණු නිහතමානී කලාකරුවෙකි. නමුත් කිසිවෙකු නොසිතූ ලෙස ඔහු තම ජීවිත රඟමඩලට සමු දෙන්නේ රසික සිත් කම්පා කරවමිනි. ඒ 2022 ඔක්තෝම්බර් මස 02 දිනයි. සිදු වූ හෘදයාබාද තත්ත්වයක් නිසා ඔහු මෙලොවින් සදහටම සමුගත්තේය.

මේ අතිදක්ෂ කලාකරුවාගේ ගම් ප්‍රදේශය වන්නේ රත්නපුර, රක්වාන ප්‍රදේශයයි. රත්නපුර ප්‍රදේශයෙන් බිහි වූ මුළු රටටම වටිනා මැණිකක් ලෙස ඔහු හඳුනා ගත හැකිය. ශාන්ත ජෝන් දමිළ විද්‍යාලයෙන් ඔහු තම අධ්‍යාපන කටයුතු හදාරා තිබේ. කෙසේ වෙතත් ඔහු කලාවට තිබූ මහත් කැමැත්ත නිසා දුෂ්කරතා මැද තම හීනය කරා පැමිණ ඇත. එසේම කැමරාවට ගැලපෙන කොලිවුඩ් පෙනුම ඔහුගේ රංගන දිවියට ශක්තියක් වන්නට ඇත.

සිඩ්නි චන්ද්‍රසේකරගේ A9 ටෙලිනාට්‍ය ඔහුගේ කලා දිවියේ ප්‍රථම ටෙලිනාට්‍ය වේ. එසේම අශෝක කහඳගම ශූරීන්ගේ ඉනි අවන් (2012) චිත්‍රපටයේ ඒ. ටී. ටී. ඊ සාමාජිකයෙකු ලෙස කළ තාත්වික රංගනය උදෙසා ඔහු හොදම නළුවා සම්මානය කිහිපවරකම දිනා ගනී. ඒ Derana Lux Film Awards හි දක්ෂතම නළුවා සම්මානය (2013) හා Hiru Golden Film Awards හි දක්ෂතම නළුවා ට හිමි සම්මානය (2014) යි. එසේම ඔහුගේ ප්‍රථම සිනමා ආරම්භය ප්‍රභාකරන් චිත්‍රපටය හරහා සිදු වේ. 

මේ අතිදක්ෂ කලාකරුවා රංගනයෙන් දායක වූ නිර්මාණ කිහිපයක් මෙසේ හඳුනා ගත හැකිය. ප්‍රභාකරන් (2008), මචං (2008), ඉර හද යට (2009), ඉනි අවන් (2012), මාතා (2012), අඩ්‍රස් නෑ (2015), ස්පන්ධන (2015), උලත් එකයි පිලත් එකයි (2016), ආලොකෝ උදපාදි (2017), පෝරිසාදයා (2018), දැවෙන විහඟුන් (2018), සුනාමි (2020), සූපර්ණා (2020), භාවතරණ (2021), පියාඹන මූනිස්සම (2021), මොනර විලක්, පාස්පෝට්, මරියා, ප්‍රාණ.

මෙසේ සිංහල මෙන්ම දෙමළ නිර්මාණ ගණනාවකට දායක වී ඇත්තේ ඔහුගේ තිබූ දක්ෂතාවය හා කැපවීම නිසා විය යුතුය. කෙසේ වෙතත් අප රටට අහිමි වූයේ රටට අවශ්‍යම පුද්ගලයෙකි. ඔහු නැති අඩුව කලා ලෝකයට හිස්තැනක් ම වනු ඇත.

2022 ඔක්තෝම්බර් මස 02 වන දින මුළු මහත් කලා ලෝකයම හඬවමින්, රසිකයින් හඬවමින් ඔහු මේ ලෝකයට සදාකාලිකවම සමු දුන්නේය.

භාග්‍යා බණ්ඩාර.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000