/
/
title icon කොත්තු, රයිස්, බත් පැකට්ටුවක සහ තේ කෝප්පයක මිළ යළි ඉහළට.
කොත්තු, රයිස්, බත් පැකට්ටුවක සහ තේ කෝප්පයක මිළ යළි ඉහළට.
Editor
1 year ago
Share:
කොත්තු, රයිස්, බත් පැකට්ටුවක සහ තේ කෝප්පයක මිළ යළි ඉහළට.

කොත්තු, රයිස් සහ බත් පැකට්ටුවක මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ප‍්‍රකාශ කළා.

සමාජ ආරක්ෂණ බද්ද සහ ආහාර අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම මෙම තත්වයට හේතුවී ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 13 කින් ඉහළ දැමීමට සමාගම් ඊයේ කටයුතු කළා.

ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් පමණ ඉහළ දැමීමට සිදුවන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කියා සිටියේ.

එමෙන්ම, අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් අද සිට දේශියව නිෂ්පාදනය කරනු ලබන ග‍්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 100 කින් ඉහල නැංවීමට මිල්කෝ සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 850 ක්ව පැවති ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 950 ක් දක්වා ඉහළ යනු ඇති.

කිලෝග‍්‍රෑම් 01 ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 230 කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 2,350 ක්.

මේ අතර, කිලෝග‍්‍රෑම් 12.5 ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාති‍්‍රයේ සිට රුපියල් 200 ත් 300 ත් අතර ප‍්‍රමාණයකින් අඩු වනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required