English English සිංහල සිංහල தமிழ் தமிழ்

දැන නොදැන තනිවීම, යතාර්ථය පහදන බිමක.

Facebook
Twitter
LinkedIn

 

කතාකරන පින්තූරයක්. මම නිවැරදී නේද?
ඔව්, ඇත්තටම එය අපිට කතාවක් කියනවා. අපි නොසිතන අපි නොදකින කතාවක්. ඇතැම් විටක තනි තනිව දකින නමුත් මනසට එන්නත් නොකරන පණිවිඩයක්. අහෝ. කලතුරකින් සිද්ධි ත්‍රිත්වයක් එකම කැමරා ඇසක.
එක අතකින් පූජනීය ස්ථානයකි. තරුණ වියේ පෙම්වතුන් දෙදෙනෙක්, මැදිවියේ අඹු සැමි යුවලක්, තරමක් මහලු වියැති කාන්තාවක් යන වයස් මට්ටම් තුනක් අහබු ලෙස එක් ඡායාරූපයක. තරුණ පෙම්වතුන් දෙදෙනා ආදරයේ ප්‍රාර්ථනාව තුල පිහිට පතා පැමිණෙයි. විවාහය සමග මැදිවිය වියද පසුකරන අඹු සැමි යුවල ජීවිතයෙ ඉදිර තකා පිනෙහි යෙදේ. මෙම සියලු අවඩි පසුකර දෛවයේ නියත තීන්දුවෙන් තනි ජීවිතයට එලබිමට සිදු වූ මහලු කාන්තාවක්ද මෙම ඡායා රුවේ දක්නට ඇත.

දෛවය අපට පසු කිරීමට ලබාදෙන අවධි විවිධාකාරය. එවා එකිනෙකා විදින ආකාරයාද විවිධය. නමුදු ජිවිතය විදිය යුතු ආකාරයක් සහ එයට නිසි අවදි ඇත. මිනිසාගෙ ජිවිතය අවදියෙන් අවදියට පසු වන අකාරය හා ඒ සියලුම අවදියන්හිදී ආගමට නැබුරු වන අවස්ථාව එක් ඡායාරූපයක ගැබ්ව පැවතීම අතිශයෙන්ම දුර්ලභ ය.

මෙය කැමරා කාචයට අසුකරගත් පුද්ගලයා කවරෙකු වුවද ඔහු තුල සමාජ ස්ථර ජීවිතයේ ගෙවීමට සිදුවන මට්ටම් පුළුල් අවබෝදයක් ඇති පුද්ගලයෙකු විය යුතුමය. මා එසේ පවසන්නේ මෙවැනි සිදුවීම සෑම පුද්ගලයෙකුව අවදානයෙන් නොබලන නිසාය.

ඡායාරූපකරනයට අවශ්‍යම සුදුසුකමක් වන මෙය, තම ඇසින් දැක තවත් ඇසක් හරහා මනසට යම් පනිවිඩයක් ගෙන යෑමට ඇති හැකියාව පුදුමාකාරය.

බැලූ බැල්මට මෙය ඉතා උසස් ගණයෙ සැලසුම් සහගත කෝණයකින් ලබාගත් ඡයාරූපක් නොවුනද ජීවිතයේ එක් මට්ටමට යතාර්ථය කියැවෙන තවත් එක් ඡායා විචාරයකි.

නෙත්මිණි ගුණවර්ධන 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000