English English සිංහල සිංහල தமிழ் தமிழ்

ගාස්තු වැඩි කරන්න දුරකතන සමාගම්වලට අවසර දුන්නේ නැහැ – TRC.

Facebook
Twitter
LinkedIn

ගාස්තු ඉහළ නැංවීම සඳහා දුරකතන සමාගම්වලට අවසර ලබා දී නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් හෙලසිරි රණතුංග කියා සිටියේ ගාස්තු ඉහළ නැංවීම සඳහා කොමිෂන් සභාවෙන් අවසරයක් ලබාගත යුතු බවයි.

කෙසේ වෙතත්, කිසිදු සමාගමක් ඒ සඳහා මෙතෙක් ඉල්ලීමක් සිදුකර නොමැති බවද ඔහු සඳහන් කළා.

මේ අතර, ඊයේ සිට ක‍්‍රියාත්මක වන පරිදි දුරකථන සමාගම් සිය සේවා ගාස්තු යළිත් වරක් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. මෙම මස සිට ක‍්‍රියාත්මක සියයට 2.5 ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හේතුවෙන් මෙලෙස ගාස්තු සශෝධනය කර ඇති බවයි එම සමාගම් දැනුම් දෙන්නේ.

ඒ අනුව ගෙවීම් සිදුකරන රූපවාහිනි සේවා, පෙරගෙවුම් සහ පසු ගෙවුම් ඇතුලූ අනෙකුත් සේවාවන්වල ගාස්තු ඉහළ යනු ඇති. නව ගාස්තු සම්බන්ධයෙන් සියලූ තොරතුරු අදාළ දුරකථන සමාගම්වල වෙබ් අඩවිවලද පළකර තිබෙනවා. මීට පෙරද දුරකථන සේවා ගාස්තු ඉහළ දමනු ලැබුවේ වැට් බද්ද ඉහළ දැමීමත් සමඟයි.

එමෙන්ම@ කිලෝග්?ම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට රුපියල් 271 කින් පහත දැමීමට කටයුතු කළ බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් ප‍්‍රකාශ කළා.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 4280 ක්. එමෙන්ම, කිලෝග‍්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 107 කින් පහත දමා ඇති අතර එම වර්ගයේ සිලින්ඩරයක නව මිල රුපියල් 1720 ක් බවයි සභාපතිවරයා කියා සිටියේ.

කිලෝග‍්‍රෑම් 2.3 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 48 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 800 ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000