 
                            ගෑස් මිල අඩුවීමට සමගාමීව ප්ලේන්ටියක සහ කිරි තේ කෝප්පයක මිල අඩු කිරීමට ආපනශාලා හිමියන් තීරණය කර තිබෙනවා.
ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කළේ අද දිනයේ තම සංගමය රැස්වී අඩු කරන මිල ගණන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.
මේ අතර, ලිට්රෝ ගෑස් මිල අඩු කිරීමට සාපේක්ෂව ලාෆ්ස් ගෑස් මිල අඩු කළ යුතු බවත්, එසේ නොවන්නේ නම් තමන් ලාෆ්ස් සමාගම ඉදිරිපිට උපවාසයක් ආරම්භ කරන බවත් ඔහු කියා සිටියා.
 
                         
             
             
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                