/
/
title icon උසස් පෙළ සහ ශිෂ්‍යත්ව දින වෙනස් වෙයි.
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව දින වෙනස් වෙයි.
Editor
1 year ago
Share:
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව දින වෙනස් වෙයි.

ශිෂ්‍යත්ව විභාගය හා උසස් පෙළ විභාගය කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

2022 – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 04 වැනිදාත්, 2022 අ.පො.ස (උසස් පෙළ) විභාගය දෙසැම්බර් මස 05 වැනිදා සිටත් පැවැත්වීම සඳහා සියලු කටයුතු මීට පෙර සුදානම් කර තිබුණා.

කෙසේ වෙතත්, විභාගය කල් දැමීම සම්බන්ධයෙන් සිසුන්ගෙන් හා මහජන නියෝජිතයන්ගෙන් ලැබුණු ඉල්ලීම් පිළිබඳව පුළුල්ව සලකා බලා 2022 වර්ෂයේ, අ.පො.ස (උසස් පෙළ) විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනයන් කල් දැමීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 වනදා පැවැත්වීමටත්, උසස් පෙළ විභාගය ලබන වසරේ ජනවාරී 23 වැනිදා සිට පෙබරවාරී 17 වැනිදා දක්වා පැවැත්වීමටත් තීරණය කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන නිවේදනය කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required