/
/
title icon 22 විවාදයට දින නියම වෙයි.
22 විවාදයට දින නියම වෙයි.
Editor
1 year ago
Share:
22 විවාදයට දින නියම වෙයි.

22 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 20 සහ 21 වනදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාවේදී තීරණය වී තිබෙනවා.

ඊයේ සහ අද යන දෙදින තුල මෙම විවාදය පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබුණත්, ආණ්ඩු පක්ෂය සඳහන් කළේ විවාදය පසුව සිදුකරන බවයි.

මේ අතර, 22 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාදයට නොගැනීම සම්බන්ධයෙන් අද දිනයේත් පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.

එසේම, ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ධම්මිකා විජේසිංහ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.

මේ අතර, ජාතික සභාවේදී ස්ථාපිත කෙරුණු කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප‍්‍රමුඛතා හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවේ සභාපතිවරයා ලෙස නාමල් රාජපක්ෂ පත් කර තිබෙනවා.

එසේම, ආර්ථිකය ස්ථායීිකරණයට අදාල කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවේ සභාපතිවරයා ලෙස පාඨලී චම්පික රණවක පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required