/
/
title icon අගමැතිගෙන් නව යෝජනාවක්.
අගමැතිගෙන් නව යෝජනාවක්.
Editor
1 year ago
Share:
අගමැතිගෙන් නව යෝජනාවක්.

ශ්‍රී ලංකා ආර්ථීකයට සැලකිය යුතු දායකත්වයක් ලබාගත හැකි නව ක්ෂේත‍්‍රයන් හී ඉන්දීය ආයෝජන ප‍්‍රවර්ධනය කිරීම අත්‍යාවශ්‍ය බව අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ෂයින් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ඉන්දියානු විධායක නිලධාරීන්ගේ සංගමය හමුවූ අවස්ථාවේදී අග‍්‍රාමත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල් සඳහා මෘදු මත්පැන් අවසරපත් ප‍්‍රදානය සිදු කිරීම සංචාරක අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ සුරාබදු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ආරම්භ කළා.

කොළඹ පැවති එම වැඩසටහනට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ, සංචාරක කර්මාන්තයට උත්තේජනය ලබාදීමට අවශ්‍ය වුවද සුරාබදු ප‍්‍රතිපත්තිය භාවිත කරමින් විවිධ ක්ෂේත‍්‍ර උත්තේජනය නොකරන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required