English English සිංහල සිංහල தமிழ் தமிழ்

මවගේ කොණ්ඩ බූලයකට ගෙළ සිරවී පාසල් සිසුවෙකු මරුට.

Facebook
Twitter
LinkedIn

තම මවගේ කොණ්ඩ බූලයක් ගෙළට දමාගැනීමෙන් පසු එය නිවසේ බිත්තියේ සවිකර තිබූ ඇණයක එල්ලී ගෙළ සිරවීමෙන් අට හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අඟුරුවාතොට – මහබෝගොඩ ප‍්‍රදේශයේ විදුහලක හතරවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්.

එම අවස්ථාවේ නිවසේ කිසිවෙකු සිට නොමැති අතර නිදන කාමරයේ බිත්තියේ ගසා තිබූ ඇණයක මෙලෙස දරුවා එල්ලී සිටින ආකාරය වැඩ නිමකර නිවසට පැමිණි  ඔහුගේ පියා විසින් දැක තිබෙනවා.

එම අවස්ථාවේම පියා සිය දරුවා හොරණ රෝහලට රැගෙන ගොස් ඇති අතර, රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි දරුවා මියගොස් ඇත්තේ.

මේ අතර, ආණමඩුව දිවුල්වැව ප‍්‍රදේශයේ සිව් හැවිරිදි දරුවෙකු පැහැරගෙන ගොස් අතවර කළ බවට සැකපිට 21 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙම දරුවා නිවසේ තනිව සිට ඇති අතර, මව අසළ වෙළඳසැලකට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ අදාළ සැකකරු පැමිණ දරුවා පොහොර උරයක දමා අසළ කැලෑබද ප‍්‍රදේශයකට ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මව නිවසට පැමිණ දරුවා සෙවූ අවස්ථාවේ ඔහු නොමැති නිසා අසල්වැසියන් සමඟ පරීක්ෂා කිරීමේදී 21 හැවිරිදි පුද්ගලයා සමඟ දරුවා අසළ කැලෑබද ප‍්‍රදේශයක සිටින ආකාරය දැක තිබෙනවා.

එම අවස්ථාවේ දරුවා කම්පනයටද පත්ව සිට ඇති අතර, අත්පා ද ගැට ගසා තිබූ බවයි පොලිසිය කියා සිටියේ.

සැකකරු ආණමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, දරුවා අතවරයකට ලක්වී  ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා ආණමඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කුරුණෑගල මහ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000