English English සිංහල සිංහල தமிழ் தமிழ்

ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ශ‍්‍රී ලංකාව කඩිනම් පියවර ගත යුතුයි – ලෝක බැංකුව.

Facebook
Twitter
LinkedIn

ආර්ථික අර්බුදයේ බලපෑම් අවම කර ගැනීමට සහ ජනතාවගේ දිගුකාලීන ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සඳහා ශ‍්‍රී ලංකාව කඩිනම් පියවර ගතයුතු බව ලෝක බැංකුව පවසනවා.

ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය ලබන වසරේදී 4.2%කින් පහත වැටෙනු ඇති බවයි.

දකුණු ආසියානු රටවල්වල ආර්ථිකය සම්බන්ධයෙන් මෙම වාර්තාව නිකුත් කර ඇති අතර,  කොරෝනා වසංගතය සහ යුක්‍රේන යුද්ධය හේතුවෙන් වාර්තාගත ලෙස ඉහළ ගිය භාණ්ඩ මිල ශ‍්‍රී ලංකාවට විශාල හානියක් සිදු කර ඇති බව එහි සඳහන්.

ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම සහ මූලික ප‍්‍රතිසංස්කරණ වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීම ශ‍්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා ඉතා වැදගත් වන බව ලෝක බැංකුව පෙන්වා දෙනවා.

එමෙන්ම, ආර්ථික අර්බුදය හේතුවෙන් අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම ඉතා වැදගත් බවත් සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීමට කඩිනම් ක‍්‍රියාමාර්ග ගත යුතු බවත් එහි සඳහන්.

ආර්ථික අර්බුදය හමුවේ, ශ‍්‍රී ලංකාවේ 2021 සහ 2022 වසර අතර දරිද්‍රතා ඇස්තමේන්තුව සියයට 25.6 දක්වා දෙගුණ වී ඇති අතර, දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 2.7කින් ඉහළ ගිය බව  ලෝක බැංකුව ප‍්‍රකාශ කළා.

ඒ අනුව ගත වූ වසරක කාලය තුළ ආසියාවේ ආහාර අර්බුදය ශීඝ‍්‍රයෙන් ඉහළ ගිය රටවල් ලෙස ශ‍්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය හඳුන්වා දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000