English English සිංහල සිංහල தமிழ் தமிழ்

අක‍්‍රමවත් ආර්ථික කළමනාකරණය ගැන ගෝඨාභය, මහින්ද, බැසිල්ට එරෙහි පෙත්සම් විභාගයට අවසර.

Facebook
Twitter
LinkedIn

jත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.

මෙම නියෝගය නිකුත් කළේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප‍්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්.

වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයෙකු වන ජූලියන් බෝලිං ඇතුළු පිරිසක් සහ මහාචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනුකර තිබෙනවා.

එමඟින් ඉදිරිපත් කර තිබෙන වගඋත්තර කරුවන් විසින් ඇමරිකානු ඩොලරය රුපියල් 203/- ක වටිනාකමේ රඳවා ගැනීමට උත්සාහ කිරීම, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ඉකුත් ජනවාරි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විගණකාධිපතිවරයාට නියෝග කළා.

එසේම ආර්ථික අර්බුදය ඇතිවූ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගැනීම සම්බන්ධයෙන්ද විමර්ශනයක් කර අදාළ වාර්තාව ලබන වසරේ ජනවාරි මස 18 වනදා ට පෙර ඉදිරිපත් කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය විගණකාධිපතිවරයාට නියෝග කළේ.

ඊට අමතරව වත්මන් ආර්ථික අර්බුදය ඇතිවූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් පියවරයන් ගන්නා ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සහ රාණි ජයමහ යන අය පාර්ලිමේන්තු කෝප් කමිටුවේ දී සිදුකරන ලද ප‍්‍රකාශ වලට අදාළ සියලූ‍ ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම බැංකුවේ මූල්‍ය මණ්ඩලයට නියෝග කළා.

එම ලේඛන නොවැම්බර් මස 30 වනදාට පෙර අධිකරණය හමුවේ ගොනු කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට නියෝග කළේ.

ඉන් අනතුරුව අදාළ පෙත්සම් ජනවාරි මස 09 වන දා යළි කැඳවීමට නියෝග කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000