English English සිංහල සිංහල தமிழ் தமிழ்

මිනුවන්ගොඩ ත්‍රි පුද්ගල ඝාතනය ගැන තවත් තොරතුරු හෙළිවේ.

Facebook
Twitter
LinkedIn

මිනුවන්ගොඩ – ගමන්ගෙදර ප‍්‍රදේශයේදී පියා සහ පුතුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරිම සැලසුම් කළ පුද්ගලයා ඇතුළු තවත් 3 තුන්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව සිද්ධියට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් ගණන 6 ක්. ඊයේ රාත‍්‍රියේදී මෙම ඝාතනය සැළසුම් කළ පුද්ගලයා ගිරිඋල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර, ඊට අනුබලදුන් අඹුසැමි යුවල පොලිස් භාරයට ගැනුනේ දිවුලපිටිය – බඩල්ගම ප‍්‍රදේශයේදියි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් ගිරිඋල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම ඝාතනය සැළසුම් කළ 50 හැවිරිදි නිහාල් පේ‍්‍රමරත්න හෙවත් රත්නයා නැමැත්තා ලබාදුන් රුපියල් ලක්ෂ 20 ක කොන්ත‍්‍රාත්තුවකට අනුව මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

ඔහු සතුව තිබු  වෑන් රථයක් සහ ජංගම දුරකථන දෙකක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගැනුනා.

මෙම සිද්ධියට අදාළව සැකකරුවන් තුන්දෙනෙකු ඊයේ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගනු ලැබුවේ අනුරාධපුර – කලාඔය ප‍්‍රදේශයේදීයි.

ඒ ඝාතනය සිදු කිරිමෙන් පසු මොවුන් ගම්පහ මිරිස්වත්ත ප‍්‍රදේශයෙන් කොළඹ –  අනුරාධපුර ලංගම බස් රථයකට ගොඩ වුණු බවට ලැබුණු  තොරතුරක් අනුවයි.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා ඝාතනය සිදු කිරීම සඳහා මෝටර් රථයෙන් පැමිණ තිබු අතර ඔවුන් 24, සහ 26 හැවිරිදි වියේ පසුවන මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

එසේම, ඝාතනයට අධාර අනුබල දිමේ චෝදනාව යටතේ ඊයේ අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ 37 සහ 38 යන වයස්වල පසුවන දෙවලපොල ප‍්‍රදේශයේ පදිංචිකරුවන්.

ඝාතනය සඳහා ගිනි අවිය ලබා දි ඇත්තේ මේ වනවිට ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මහේෂ් නැමැත්තා විසින් බව හෙළිවී තිබෙනවා.

වෙඩි තැබීම සිදු කළ ලකී නැමැත්තා මේ වනවිට ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඔහු ගුවන් හමුවේ හිටපු සෙබළෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඔහුට අමතරව, ඝාතනය සඳහා පැමිණි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිම සඳහා පොලිසිය විමර්ශන සිදුකරනවා.

මිනුවන්ගොඩ – ගමන්ගෙදර ප‍්‍රදේශයේදී එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා ඊයේ වෙඩි තබා ඝාතනය කරනු ලබන්නේ මොටර් රථයකින් සහ යතුරු පැදියකින් පැමිණි පුද්ලයින් පිරිසක් විසින්.

මෙම තුන්දෙනා 2017 වසරේදි  ඝාතනය සැලසුම් කළ 50 හැවිරිදි නිහාල් ප්‍රේමරත්න හෙවත් රත්නයා යන අයගේ පුතු වන ලක්ෂාන් මෙන්ම,  රත්නයාගේ සොහොයුරා සහ ඔහුගේ පුත‍්‍රයා ඝාතනය කර තිබෙනවා.

සරුංගලයක් මෙම ඝාතනවලට හේතුවී ඇති නමුත් පෙම් සබඳතාවක්ද ඊට මුල්වී ඇති බවට මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

ඊයේ සිදු වු ත‍්‍රිපුද්ගල ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථය කුළි පදනම මත ලබා ගෙන ඇත්තේ 2017 වසරේදි මිය ගිය ලක්ෂාන් නැමැත්තාගේ ජාතික හැදුනුම්පත උපයෝගි කර ගනිමින් බවයි පොලිසිය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000