/
/
title icon සපුගස්කන්ද පිරිපහදුව අද සිට වැසේ.
සපුගස්කන්ද පිරිපහදුව අද සිට වැසේ.
Editor
1 year ago
Share:
සපුගස්කන්ද පිරිපහදුව අද සිට වැසේ.

සපුගස්කන්ද පිරිපහදුව අද දිනයේ සිට යළි වසා දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.

මෙරට මුහුදු සීමාවේ මේ වනවිට නැංගුරම් ලා ඇති බොරතෙල් නෞකාවකට විදේශ විනිමය ගෙවීමට නොහැකිවීම හේතුවෙන් මෙලෙස පිරිපහදුව වසා දැමීමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

කෙසේ වෙතත්, සපුගස්කන්ද පිරිපහදුව වසා දැමුණ ද රට තුළ ඉන්ධන හිඟයක් ඇති නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඔහු සිය ට්විටර් ගිණුමට සටහනක් එක් කරමිනුයි මේ බව කියා සිටියේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ප‍්‍රමාණවත් තරම් පිරිපහදු කළ ඉන්ධන තොග ඇති බව ඔහු එම සටහනේ දක්වා තිබෙනවා.

බොරතෙල් මිලදී ගැනීමට විදේශ විනිමය නොමැති වීම හේතුවෙනුයි මෙලෙස පිරිපහදුව වසා දමා ඇත්තේ.

පිරිපහදු කළ ඉන්ධන මිලදී ගැනීම සඳහා අවශ්‍ය විදේශ විනිමය මහබැංකුව විසින් සපයා දෙන අතර, පැවති විදේශ විනිමය යූරල් බොරතෙල් නෞකා දෙකකට ගෙවීම සඳහා වැය කිරීම මෙම තත්ත්වයට හේතුවූ බවද අදාළ ට්විටර් සටහනේ දැක්වෙනවා.

ප‍්‍රමාණවත් පරිදි විදේශ විනිමය සපයා ගැනීමට හැකිවූ වහාම දැනට දින 10 ක කාලයක් තිස්සේ මුහුදේ නැංගුරම්ලා ඇති ඊ.එස්.පී.ඕ. වර්ගයේ බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවෙන් බොරතෙල් ගොඩබෑමට කටයුතු කරන බව අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required