 
                            රුධිර පරිත්‍යාගශීලින්ගෙන් රුධිරය ලබාගන්නා ඇසුරුම්වල හිඟයක් මේ වනවිට නොමැති බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ එලෙස හිඟයක් පවතින බවට පැතිර යන පුවත් සම්බන්ධයෙන් කළ විමසීමකදීයි ඔහු මේ බව කියා සිටියේ.
එසේම, රුධිරය ලබාගැනීමේදී අවශ්‍ය උපකරණ අරපිරිමැස්මෙන් භාවිත කිරීම ඒ සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්ගේ වගකීමක් බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළා.
 
                         
             
             
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                