/
/
title icon සුරූපී වෙසින් කෝටිපතියන්ට තට්ටු කළ තිලිණි ප්‍රියමාලි රිමාන්ඩ්.
සුරූපී වෙසින් කෝටිපතියන්ට තට්ටු කළ තිලිණි ප්‍රියමාලි රිමාන්ඩ්.
Editor
1 year ago
Share:
සුරූපී වෙසින් කෝටිපතියන්ට තට්ටු කළ තිලිණි ප්‍රියමාලි රිමාන්ඩ්.

තිලිණි ප‍්‍රියමාලි නැමති කාන්තාගේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් තවදුරටත් පැමිණිලි ලැබුනහොත් ඒ පිළිබඳවද විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

මේ වනවිට පාර්ශවයන් කිහිපයකගෙන්ම ඊට අදාළව ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

රුපියල් මිලියන 226 කට අධික මුදල් සහ රන් භාණ්ඩ සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ල වූ තිලිණි ප‍්‍රියමාලි නැමැතිය මෙම මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර කිරීමටයි කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ ඊයේ නියෝග කළේ.

ලද පැමිණිලි අනුව පෙරේදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාරිය අත්අඩංගුවට ගත්තා.

විදේශ රටවල මුදල් තැන්පතු සහ තවත් ව්‍යාපාරවල මුදල් තැන්පත් කිරීම වෙනුවෙන් ලාභදායි මුදල් ලබාදෙන බවට පවසමින් ඇය කොළඹ ප‍්‍රදේශයේ ආයතනයක් පවත්වාගෙන ගොස් තිබුණා.

දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ කෝටිපති ව්‍යාපාරිකයින්, වෛද්‍යවරුන් ඇතුලූ තවත් පිරිසක් ඇයගේ ආයතනයෙහි මුදල් තැන්පත් කර ඇති බවයි.

කෙසේ වෙතත්, එම තැන්පත් කර ඇති මුදල්වලට පොලී මුදල් නොගෙවීම හේතුවෙනුයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් වී ඇත්තේ.

ඇතැම් වාර්තාවල දැක්වූණේ රුපියල් මිලියන 750ක පමණ මුදලක් ඇයට ලබා දුන් ව්‍යාපාරිකයෙකු ද ඒ සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි කර ඇති බවයි.

ඔහුගෙන් ද ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති අතර සැකකාරිය විසින් රත‍්‍රං ලබා දෙන බව පවසා මුදල් ලබාගත් ව්‍යාපාරිකයන්ට හදුන්වා දුන් කොළඹට ආසන්න ප‍්‍රදේශයක වෙසෙන ධ්‍යානලාභී යැයි කියන හිමි නමකගෙන් ද ප‍්‍රකාශ ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required