English English සිංහල සිංහල தமிழ் தமிழ்

කාර්ය බහුලත්වයට පහසුවක් සපයන ඇප්.

Facebook
Twitter
LinkedIn

වර්තමානයේ තාක්ෂණයෙන් වෙන් වී ජීවත් වීම තරම් අපහසු දෙයක් මිනිසාට තවත් නොමැති තරම්ය. ස්මාර්ට් ජංගම දුරකථනය හා බැදුණු ලෝකයක් ගොඩ නැගී තිබේ. ස්මාර්ට් ජංගම දුරකථන බිහි වුණු යුගයේ පටන් අද දක්වාම විවිධ වූ මෘදුකාංග රාශ්‍රියක් බිහි වෙමින් පවතී.

සමාජ මාධ්‍ය ඒ අතරින් ප්‍රමුඛම වේ. ෆේස්බුක් , වට්සැප් , වයිබර්, ඉමෝ යනාදී වූ සමාජ මාධ්‍ය බොහොමයකි. දිනෙන් දිනම අප අතරින් ගිලිහී යන මිතුරුකම් , සබදතා අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වන්නේ සමාජ ජාල මාධ්‍ය නිසාය. එමෙන්ම විවිධ වූ ස්වයං ව්‍යපාර පවත්වාගෙන යන්නන් හට එම කටයුතු පහසු කර ගැනීමේ සුදුසුම මාධ්‍ය වන්නේ සමාජ මාධ්‍යයි.

මීට අමතරව ඔන්ලයින් සාප්පු සවාරි සිදු කිරීමට බොහොමය ඇප් නිර්මාණය වී තිබේ.e-bay, aliexpres , alibaba, kapruka.lk යනාදී මෘදුකාංග හරහා අපගේ කාලය , ශ්‍රමය සියල්ල ඉතුරු කරමින් අපට අවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙන්වා ගැනීමට තරම් තාක්ෂණය දියුණු වී තිබේ. එමෙන්ම ආහර සහ වාහන ඇනවුම් කිරීම සදහා නිර්මාණය වී තිබෙන ඇප් හරහාද අපගේ එදිනෙදා කටයුතු බොහෝ සෙයින් පහසු කරවයි. විශේෂයෙන්ම මේ හරහා අප ආහර ලබා ගන්නා ස්ථානයේ සිට තේරීම් කරන පරිද්දෙන්ම තේරිම් කිරීමේ හැකියාවක් තිබේ.

බැංකු කටයුතු , එමෙන්ම රීලෝඩ් පහසුකම්, ජංගම දුරක්ථන සිම් හරහා ලබා දෙන විවිධ ඇප් , මෙන්ම ආයතන වලට අනන්‍යව පවතින විවිධ ඇප් හරහා අපගේ කටයුතු පහසු කර ගැනීමට බොහෝ විට හැකි වී තිබේ. එහිදී මුදල් යැවීම, ජංගම දුරකතනයට, රූපවාහිනියට රීලෝඩ් ලබා ගැනීම ආදී වූ සේවාවන් නිවසේ සිටම ලබා ගැනීමට හැකි වන්නේ මෙම ඇප් නිසාය.

යූ ටියුබ් වැනි විනෝදාස්වාදය , දැනුම , සතුට ආදී පරමාර්ථ බොහොමයක් වෙනුවෙන් ක්‍රියා කරන යෙදුම් ද වේ. එහිදී වයස් කාණ්ඩ, ස්ත්‍රී පුරුෂ බව, අධ්‍යාපන මට්ටම යනාදී ඕනෑම කාණ්ඩයක අයකුට අවශ්‍ය සියලුම අන්තර්ගතයන් යූ ටියුබ් හි අන්තර්ගත වේ. විශේෂයෙන්ම වර්තමානයේ රූපවාහිනිය නැරඹීම වෙනුවට එහි විකාශනය වන සියලුම වැඩ සටහන් යූ ටියුබ් ඔස්සේ නැරඹීමට බොහෝ දෙන පුරුදු වී සිටියි. එයට හේතුව රූපවාහිනියේ විකාශනය වන මොහොතේම එය නැරඹීමට නොහැකි වුවත් යූ ටියුබ් හරහා පස්ව වුවද නැවත නැවත නැරඹීමේ හැකියාවක් තිබේ.

මීට අමතරව ලංකාවේ නිර්මාණය වුණු ‘හෙලකුරු ‘ මෘදුකාංගය මගින්ද ලබා ගත හැකි සේවාවන් බොහොමයකි. විශේෂ පුවත් සේවයක් ක්‍රියාත්මක වීම, හෙලකුරු සිංහල යතුරු පුවරුව ස්මාර්ට් ජංගම දුරකථන වෙත බාගත කර ගැනීමේ හැකියාව , රීලෝඩ් පහසුකම, ලොතරැයි දිනුම් ඇදීම් පිරික්සී , අන්තර්ජාල වෛද්‍ය පහසුකම් ලබා ගැනීම යනාදී සේවාවන් රාශ්‍රියක් ඔන්ලයින් හරහා මෙම මෘදුකාංගය ඔස්සේ ලබා ගත හැක.

මෙහි දැක්වෙන්නේ එවැනි ඇප් කිහිපයකට නිදසුන් පමණි. ජංගම දුරකථනයෙන් වෙන් වී ජීවත් වීම වර්තමානය වන විට අපහසු වන්නේ මේ හෙයිනි. විශේෂයෙන්ම කොවිඩ් -19 වසංගත තත්වයේ ව්‍යසනකාරී බව හේතුවෙන්ම මාර්ගගතව කටයුතු කරන විට මෙලෙස ජංගම දුරකථන යෙදුම් මෘදුකාංග කෙතරම් පහසුවක් වන්නේද යන්න අපට අවබෝධ වේ.

දිල්කි රත්නායක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000