/
/
title icon මිලාදුන් නබි උත්සවය අදයි.
මිලාදුන් නබි උත්සවය අදයි.
Editor
1 year ago
Share:
මිලාදුන් නබි උත්සවය අදයි.

ශුද්ධ වූ නබි නායකතුමන්ගේ ජන්ම දිනය සැමරෙන මිලාදුන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා.

ඒ නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසන්නේ මුහම්මද් නබි නායකතුමන්ගේ දර්ශනය, අන්කවරදාටත් වඩා අද සමාජයේ පවතින තත්ත්වය සමනය කර ගැනීමට මනා පිටිවහලක් වනු ඇති බව තමාගේ විශ්වාසය බවයි.

මානවීය ගුණයෙන් උසස් ලෙස උපදින සියලූ දෙනා එකිනෙකා පරයා යෑමට දරන උත්සාහය වෙනුවට එකිනෙකා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීමට නබි නායකතුමන්ගේ දර්ශනය ප‍්‍රයෝගිකව ජීවිතය හා බද්ධ කර ගැනීම එතුමන්ට කරනු ලබන පූජෝපහාරයක් බවද එහි තවදුරටත් සඳහන්.

අල් අමීන් හෙවත් විශ්වාසවන්තයා යන පර්යාය නාමයෙන් හඳුන්වන මුහම්මද් නබි නායකතුමන්ගේ උපන් දිනය ශී‍්‍ර ලාංකීය සහ සමස්ත ලෝකවාසී ඉස්ලාමීය ඇතුළු සෙසු ජාතීන්ගේද අධ්‍යාත්මික සහ සමාජීය ප‍්‍රගමණයට හේතු වේවායි ප‍්‍රාර්ථනා කරන බවද ජනාධිපතිවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required