/
/
title icon තවත් පොහොර මෙට්‍රික් ටොන් 12,500 ක් දිවයිනට.
තවත් පොහොර මෙට්‍රික් ටොන් 12,500 ක් දිවයිනට.
Editor
1 year ago
Share:
තවත් පොහොර මෙට්‍රික් ටොන් 12,500 ක් දිවයිනට.

ලෝක බැංකු ප‍්‍රතිපාදන යටතේ මිලදී ගන්නා පොහොර මෙට්‍රික් ටොන් 12,500 ක තොගයක් තවත් දින 10 කින් පමණ පසුව දිවයිනට ළඟා වනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ ඉන්දීය ණය ආධාර යටතේ දිවයිනට ගෙන්වූ පොහොර තොගයෙන් අනතුරුව දිවයිනට ළඟා වන පළමු පොහොර තොගය මෙය වන බවයි.

මේ වනවිට ගොවීන් මහ කන්නයේ වගාවන් ආරම්භ කර ඇති අතර, ඒ අනුව මෙවර මහ කන්නයේදී 70% ක් රසායනික පොහොරත්, 30% ක් කාබනික පොහොරත් වී වගාව සඳහා යෙදවීමටයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිර්දේශ කර ඇත්තේ.

මහ කන්නය සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් එක්ලක්ෂ 50,000 ක් ගෙන්වීමට අවශ්‍ය ප‍්‍රසම්පාදන කටයුතු කෘෂිකර්ම අමාත්‍යාංශය මීට පෙර ආරම්භ කර තිබුණා.

මහකන්නයට අවශ්‍ය යූරියා පොහොර ආනයනය සඳහා කැඳවූ පළමු ටෙන්ඩරය අසාර්ථක වීමෙන් පසු කැඳවූ දෙවන ටෙන්ඩරයෙන් සමාගම් 3 ක් තෝරා ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප‍්‍රකාශ කළා.

ලෝක බැංකු ආධාර යටතේ ඩොලර් මිලියන 110 ක පොහොර ආනයනය සඳහා පසුගිය අගෝස්තු මස 18 වනදා යූරියා පොහොර ප‍්‍රසම්පාදනයට ජාත්‍යන්තර තරගකාරි ප‍්‍රසම්පාදනය යටතේ මිල ගණන් කැඳවා තිබුණා.

කෙසේ වෙතත්, මේ වනවිට පොහොර ආනයනය සඳහා සමාගම් 3 ක් තෝරා ගෙන ඇති අතර එම තෝරා ගත් සමාගම් කැබිනට් අනුමැතිය සඳහා හෙට අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required